මෙරට මුස්ලිම් වැසියන් ඔවුන්ගේ රාමසාන් උපවාස සමය අදින් ආරම්භ කරනවා. මාසයක කාලයක් පුරා උපවාස කිරීමෙන් අනතුරුව නව සඳ දැකීමෙන් පසුවයි ඔවුන් එම උපවාස කාල සීමාව අත්හරිනු ලබන්නේ.
කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් මෙවර රාමසාන් උපවාස සමය වෙනුවෙන් ද විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින්. ඒ අනුව වයස අවුරුදු 18 ට වැඩි පිරිසට පමණක් ඉස්ලාම් දේවස්ථාන වෙත ගොස් යාඥා සඳහා සහභාගී විය හැකියි.
එම අවස්ථාවලදී ඉස්ලාම් දේවස්ථාන තුළ මීටරයක පරතරය තබාගෙන කටයුතු කළ යුතු වනවා. යාඥා මෙහෙයක් සඳහා එක් අවස්ථාවකදි සහභාගී වීමට අවසර ලබාදී ඇත්තේ බැතිමතුන් 100 දෙනෙකුට ආසන්න පිරිසකට පමණයි.
(Neth)