Sunday, July 06, 2025
Follow Us
පුහුණුකරුවෙකු ලෙස එක්වන්නැයි ඩිල්ෂාන්ට රටවල් තුනකින් ඇරයුම්

පුහුණු කාර්ය මණ්ඩලයට එක්වන ලෙස රටවල් 3 කින් පමණ තමන්ට ඇරයුම් ලැබුණු බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. ඕස්ටේ්‍රලියාවේ සිට නෙත් ස්පෝර්ට්ස්මන් වෙත අදහස් දක්වමින් ඩිල්ෂාන් සදහන් කළේ තමන් එම ආරාධනා පිළිනොගත් බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමට සිය අත්දැකීම් ලබාදීමට තමන් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඔහු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත සදහන් කළේ.

මෙවර පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන ලෙස තමන්ට කණ්ඩායම් දෙකකින් මේ වන විට ඇරයුම් ලැබී ඇති බවයි තිලකරත්න ඩිල්ෂාන් වැඩිදුරටත් සදහන් කළේ.

(Neth)