මෙවර අලුත් අවුරුද්දේදී අවුරුදු උත්සව පැවැත්විය යුතුමදැයි දැඩි ලෙස කල්පනාකාරීව සිදු කළ යුතු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ සංවිධායකයින් මෙන්ම අවුරුදු උත්සවයට පැමිණෙන්නන්ද එහි අවධානම සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයකින් යුතුව සම්බන්ධ විය යුතු බවයි.
තවත් කොවිඩ් රැල්ලක් රට තුළ ඇති වීම වැළැක්වීම සඳහා කටයුතු කිරීම සියලු පාර්ශවයන්හි වගකීම බවයි යුද්ධ හමුදාපතිවරයා මෙහිදී අවධාරණය කළේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අලුත් අවුරුදු උත්සව සඳහා අවසර දීමේදී පොලිසියේ අනුමැතිය ලබා ගැනීමද අත්‍යාවශ්‍ය බවයි.
අලුත් අවුරුදු උත්සව පැවැත්වීමට අදාල විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද ඉකුත්දා නිකුත් කෙරුණා.
(Neth)