Sunday, July 06, 2025
Follow Us
රත් කළාට ඇෆලටොක්සීන් ඉවත්වෙන්නේ නැහැ

ආහාරවල සහ දියරවල ඇති ඇෆලටොක්සීන් පිළිකාකාරක රත් කිරීමෙන් ඉවත් කළ නොහැකි බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආහාර හා විද්‍යා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පවසයි. එම පිළිකාකාරකය තරමකින් හෝ අඩු කිරීමට හැකිවන්නේ පාරජම්බුල කිරණින් හෝ කෝස්ටික් සෝඩා වැනි ද්‍රව්‍යයකින් පමණක් බවද ඔහු සඳහන් කළේය. එසේම කරවිල ඇට සහ දෙළුම් ආහාරයට ගැනීමෙන් මෙම ඇෆලටොක්සීන් පිළිකාකාරකය මර්දනය කිරීමේ හැකියාවක් ඇති බවද මහාචාර්යවරයා වැඩිදුටරත් පැවසීය.

(Aruna)