Sunday, July 06, 2025
Follow Us
සෞඛ්‍ය නීතිරීතිවලට පිටුපාන පුද්ගලයින් සොයා මෙහෙයුම්

සිංහල හා හින්දු අළුත් අවුරුදු සමයේ සෞඛ්‍ය නීතිරීතිවලට පටහැනිව ක්‍රියා කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පතිවරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙම චක්‍රලේඛය අනුව සෞඛ්‍ය නීතිරීති සම්බන්ධයෙන් දැඩි සෝදිසියක් ක්‍රියාත්මක බවයි.

අප්‍රේල් මස ගත වූ දින කිහිපය තුළ පොලිසිය විසින් සිදුකළ මෙහෙයුම් වලදී මහජනතාව නිසි ලෙස සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරන බවට හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරයි.

වෙළදසැල් තුළ, පොදු ප්‍රවාහන තුළ ජනතාව කොවිඩ් වසංගතයට එරෙහිව සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිනොපදින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පෙලිස්පති අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)