Sunday, July 06, 2025
Follow Us
රිදියාගම සත්ව ගොවිපොළේ 2017,2018 වසර දෙකේ පාඩුව කෝටි 17ක් – COPE

2017 හා 2018 වර්ෂවලදී විවිධ අක්‍රමිකතා හේතුවෙන් රිදියාගම සත්ව ගොවිපොළ රුපියල් කෝටි 17කට වැඩි පාඩුවක් ලබා තිබෙන බව පොදු ව්‍යාපාර පිළබඳ කාරක සභාවේදී තොරතුරු අණාවරණය කර ගෙන තිබේ.

රුපියල් කෝටි 50කට වැඩි වටිනාකමකින් යුත් ආහාර 2017 – 2018 අතර කාලයේදී මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන කමිටුවේ අනුමැතියට පටහැනිව ක්‍රියා කිරීම සම්බන්ධයෙන් ද කාරක සභාවේ අවධානය යොමුව ඇත.

අවිධිමත් බව නිසා ගැටලු රැසක් මතුව ඇතැයි ද පෙන්වා දුන් සභාපති මහතාචාර්ය චරිත හේරත් මහතා ,ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ කටයුතු නෛතික රාමුව තුළ නිසි මාර්ගෝපදේශ අනුගමනය කරමින් සිදු කරන්නැයි එම ආයතනයට උපදෙස් දී තිබේ.
(අරුණ)