Saturday, February 07, 2026
Follow Us
කොල්ලකෑම්වල වර්ධනයක් පෙන්නුම් කෙරෙයි

ඊයේ (10) දිනයේ රන් මාල කොල්ලකෑම් 05ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

එම සිදුවීම් මීගමුව, රාගම, අවිස්සාවේල්ල, තිස්සමහාරාම සහ ජා-ඇල යන පොලිස් බල ප්‍රදේශ වලින් වාර්තා වී තිබෙන බව සඳහන් ය.

මේ අනුව එම සිදුවීම් වලට අදාලව පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව සඳහන් වේ . මොවුන් යතුරුපැදිවලින් පැමිණ කිසියම් දෙයක් අසන මුවාවෙන් එම කොල්ලකෑම් සිදුකර ඇතැයි වාර්තා වී ඇත.

එසේම ජනතාව මාර්ගවල ගමන් කිරීමේදී විමසිලිමත් වන්නැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

(Aruna)