වයස අවුරුදු 12 - 19 අතර දරුවන්ට කොවිඩ් එන්නත් ලබාදීම සහ පාසල් විවෘත කිරීම යනු එකිනෙකින් ස්වායක්ත කරුණු දෙකක් බවත් පාසල් විවෘත කිරීමට පෙර සිසුන්ට එන්නත් ලබාදිය යුතු බවට ස්ථාවරයක් නොමැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසයි.
රූකඩ යොදාගනිමින්,විවිධ ප්‍රහාර එල්ල,මඩ අවලාද නගමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති අරගලය පරාජය කිරීමට නොහැකි බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේය.
සිය වැටුප් ගැටළුව විසදීමට මෙම අවස්ථාවේ රජය සතුව මුදල් නොමැති බවට වගකිවයුත්තන් කිසිවෙකුත් මෙතෙක් තමන් වෙත ප්‍රකාශ කර නොමැති බව වර්ජනයේ නිරත ගුරු විදුහල්පති සංගම් පවසනවා.
නිදහස් කර ගැනීමට නොහැකිව වරායේ රදවා ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිදහස් කර ගැනීමට මහ බැංකුව කඩිනමින් මැදිහත් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
සෞන්දර්යය විෂයන්ගේ ප්‍රතිඵල නිකුත් කිරීමකින් තොරව ඊයේ දිනයේ දී සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර සෞන්දර්ය විෂයන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පාසල් ආරම්භ කිරීමෙන් පසු පවත්වන බවට අධ්‍යාපන අමාත්‍යංශය මේ වන විට ප්‍රකාශ කර තිබෙන හෙයින් ඊට ප්‍රථම ගුරු විදුහල්පති වැටුප් ප්‍රශ්නයට විසඳුම දිය යුතුව ඇති බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසුවේය.
කොරෝනා මර්දන එන්නතක කුමන හෝ මාත්‍රාවක් ලබාගත් පුද්ගලයින් පළමු සතිය තුළ පමණක් රුධිරය පරිත්‍යාග කිරීමෙන් වළකින්නැයි ජාතික රුධිර පාරවිලයන සේවය පවසනවා.
Manike crosses 122 million views
Failure to recognize achievement questioned
මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 1,332 ක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව පන්ලක්ෂ 11,372 ක් දක්වා ඉහළ ගියා. කෙසේවෙතත් ඉන් පුද්ගලයින් හාරලක්ෂ 52,692 ක් මේවනවිටත් පූර්ණ සුවය ලබා තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 46,150 දෙනෙකු පමණක් බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
Page 344 of 732