Wednesday, July 09, 2025
Follow Us
ලබන සඳුදා සිට වර්ජනයකට සැරසෙන දුම්රිය ස්නාධිපතිවරු

විසඳුම් නොලැබුනෝත් දිවයින පුරා වර්ජන


දුම්රිය සංඥා දෝෂවලට විසඳුම් නොලැබීම සහ වැටුප් ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලබන සඳු දා සිට වර්ජනයකට පිවිසෙන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසා ඇත.

එහි සභාපති සුමේධ සෝමරත්න වැඩිදුරටත් සඳහන් කළේ, එදිනට අනුරාධපුර සහ කන්කසන්තුරය අතර දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයේ නිරත වන බවයි.

ගැටලුවට විසඳුම් නොලැබුණ හොත් දිවයින පුරා දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය කාර්යාල සේවකයින් ලබන 26 වැනි දා වර්ජනයකට එළඹෙන බවයි, දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න කොළඹ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

(Aruna)