Wednesday, July 09, 2025
Follow Us
මුදල්, රන් ආභරණ සහ මෝටර් රථයක් පැහැරගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

පිහියක් පෙන්වා රියදුරු බියගන්වලා


කුලී මෝටර් රථයක රියදුරු බිය ගන්වා ඔහු සතු මුදල් සහ රන් ආභරණ සමග මෝටර් රථයක් කොල්ල කෑ පුද්ගලයෙකු පොලීසිය ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු යතුරුපැදියකින් පැමිණ පොලිස් නිලධාරියෙකු බව පවසා මෝටර් රථය කුලියට ගෙන ඇති අතර, පසුව පිහියක් පෙන්වා රියදුරු බියගන්වා ඔහුට මාංචු දමා රථය පැහැරගෙන ඇති බව සඳහන්.

එහිදී රියදුරු සතුව තිබූ රුපියල් තිස්දහසක් සහ තුන්ලක්ෂ 60,000ක් පමණ වටිනා රන් ආභරණ කොල්ලකා රියදුරු මහ මග දමා ගොස් තිබෙනවා.

පසුව කළ විමර්ශනවලදී අතරමග දමා ගොස් තිබූ මෝටර් රථය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

පසුගිය 9 වනදා වාර්තාවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිරුළපන පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඊයේ (11) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගෙන තිබෙනවා.

විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ සැකකරු පැමිණි යතුරුපැදියද කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් සොරකම් කරන ලද්දක් බවටයි.

(Aruna)