Wednesday, July 09, 2025
Follow Us
එකතු කළ සිලින්ඩරවල ගෑස් ඉවත් කරන්න මාස දහයක්

අලුත් ගෑස් පුරවන්න ටැංකි හිඟවෙයි


ගෑස් සංයුතිය පිළිබඳ ගැටලුවක් හේතුවෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ දැනුම් දීම මත වෙළෙඳපොළෙන් එකතු කරන ගෑස් සිලින්ඩරවල අඩංගු ගෑස් ඉවත් කිරීම සඳහා මාස දහයකට වැඩි කාලයක් ගත වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.

වෙළෙඳපොළෙන් ගෑස් සිලින්ඩර ලක්ෂ දෙක හමාරක් එකතු කර ගන්නා බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ පවසයි. මෙසේ එකතු කර ගන්නා ගෑස්වලින් සිලින්ඩරවලින් එක් දිනකදී ඉවත් කළ හැක්කේ සිලින්ඩර සියයක අඩංගු ගෑස් ප්‍රමාණයක් බවද සමාගම පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දී ඇත. මෙම තත්ත්වය මත ඉදිරියේදී වෙළෙඳපොළට ගෑස් නිකුත් කිරීමට අවශ්‍ය සිලින්ඩර හිඟවීමටද ඉඩ ඇතිවේ යැයි සමාගම අනුමාන කරයි.

එම නිසා එකතු කර ගන්නා සිලින්ඩරවලට කුමක් සිදු කරන්නේ දැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙතෙක් නිල වශයෙන් කිසිවක් දැනුම් දී නොමැති බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. පසුගිය දිනවල ගෑස් පිපිරීම් 450කට වැඩි සංඛ්‍යාවක් සිදුවූ පසු වෙළෙඳපොළට නිකුත් කර ඇති සිලින්ඩර එකතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ලිට්රෝ සමාගමට උපදේ ලබා දෙන ලදී.

මේ පිළිබඳව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක කියා සිටියේ විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා, ගෑස් සමාගම් සමග සාකච්ඡා කර එකතු කරන සිලින්ඩරවලට කළ යුතු දේ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.

(Aruna)