නීතිමය පියවර ගැනීමට තීරණයක්
සිමෙන්ති සමාගම් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා සිමෙන්ති අලෙවි කරන්නන් සොයා වැටලීම් ආරම්භ කර ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසා ඇත.
ඒ අනුව, ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි එහි ජ්‍යෙෂඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
දැනට සිමෙන්ති කොට්ටයක් සඳහා සමාගම් මගින් නියම කර ඇති උපරිම සිල්ලර මිල රුපියල් 1275ක්.
කෙසේ වෙතත්, එම මිල ඉක්මවමින් සිමෙන්ති අලෙවි කරන බවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පාරිභෝගිකයන්ගෙන් චෝදනා එල්ලව ඇත.
(Aruna)