Wednesday, July 09, 2025
Follow Us
අද මැදියම් රැයේ සිට කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද මධ්‍යම රාත්‍රී 12 සිට හෙට පස්වරු 6 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

එම කාලසීමාවේදී කොළඹ 12, 13, 14, 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. අඹතලේ සිට කොළඹ දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාල ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පැවසුවේ.

මේ අතර මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටද හෙට දිනයේ ජල සැපයුම අත්හිටුවනවා. හෙට පෙරවරු අටේ සිට පස්වරු 5 දක්වා පැය 8 ක කාලයක් දියගහ, කැකණදුර, වෙහෙරහේන, ගන්දර, කෝට්ටේගොඩ, කුඩාවැල්ල, දික්වැල්ල සහ රත්මලේ යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.

(Neth)