විශ්වවිද්‍යාල සිසුන් ගැන තීරණයක් ගනී
නව කොවිඩ් වෛරස් ප්‍රභේදයෙන් බලපෑමක් ඇති නොවුණහොත් ජනවාරි මාසයේදී අධ්‍යයන කටයුතු සඳහා විශ්වවිද්‍යාලවල සියලු සිසුන් කැඳවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.
දැනටමත් සිසුන් 25%ක් විශ්වවිද්‍යාල සඳහා කැඳවා ඇති බව එහි සභාපති මහචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
ඇතැම් විශ්වවිද්‍යාලවල නේවාසිකාගාරවල සිසුන් 3,000 ඉක්මවා සිටිම හේතුවෙන් ඔවුන් එහි කැඳවනු ලැබුවහොත් සිසුන්ට හා අචාර්යවරුන්ට කොරෝනා වැළඳීමේ අවදානමක් පැන නගින බව ද සභාපතිවරයා සඳහන් කළේ ය.
(Aruna)