Wednesday, July 09, 2025
Follow Us
අප්‍රිකානු රටවලට පැනවූ සංචරණ තහනම ඉවත් කළ පදනම ගැන මහජන සෞඛ්‍ය පරීක්‍ෂවරුන්ට ප්‍රශ්නයක්

අප්‍රිකානු කලාපයේ රටවල් 6 ක සිට පැමිණෙන පුද්ගලයින්ට මෙරටට ඇතුළුවීමට පනවා තිබූ තහනම ඉවත් කළේ කුමන පදනමකින් දැයි මෙතෙක් කරුණු හෙළි නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයේ ව්‍යාප්තිය හමුවේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා, සිම්බාබ්වේ, ලෙසතෝ සහ ස්වාසිලන්තය යන රටවලට ඉකුත් 27 වනදා සිට දින 17 ක කාලයක් මෙම සංචාරක තහනම පනවා තිබුණා.

එම රටවලට පැනවූ සංචාරක තහනම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ අනුමැතිය අනුව ඉවත් කළ බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස සදහන් කළේ. කෙසේවෙතත් එවැනි තීරණයක් ගත යුත්තේ විශේෂඥ කමිටුවක් මගින් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ.

(Neth)