ගුරු විදුහල්පති වර්ජනය හේතුවෙන් නතර වී ඇති පාසල් සිසු දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කරන ලෙස බලකරමින් ඔන්ලයින් හරහා පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙනවා. ඒ, සිසු අධ්‍යාපන අයිතීන් උදෙසා දෙමව්පියෝ එකමුතුව විසින්. එහි කැඳවුම්කරු කේ ඒ නිරෝෂන ප්‍රනාන්දු පැවසුවේ එම පෙත්සම ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙන බවයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ලැබී තිබෙනවා. අපේ ජන බල පක්ෂය විසින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.
අද (08) පෙරවරු 07.00 සිට 12.00 දක්වා පැය පහක කාලයක් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය විසින් වැඩ වර්ජනයක් කැඳවා තිබේ.
ඉදිරියේදීත් වෙළඳපොළ තුළ ආනයනික කිරිපිටි හිඟයක් මතුවීමේ අවධානමක ලකුණු පහළ වී තිබෙනවා. ඊට ද හේතුවී ඇත්තේ ඩොලර් හිඟයයි. දින 90 කට වඩා වැඩි කාලයක් මෙරටට ගෙන්වූ කිරිපිටි ටොන් ගණනක් තවමත් වරායේ සිරවී තිබෙනවා. ඒවා මුදා ගැනීම සඳහා මහ බැංකුව විසින් මේ වනවිටත් අවශ්‍ය ඩොලර් ලබා දීමටයි කටයුතු කර ඇත්තේ.
පාලන මිල ඉවත් කිරීමට තීරණය කර ඇති භාණ්ඩ අතරින් ඉකුත් සමයේ දැඩි කතාබහට ලක්වූ භාණ්ඩය වූයේ කිරිපිටියි. ඒ අනුව මිල පාලනය ඉවත් කිරීමත් සමඟ කිරිපිටි මිලට සිදුවන්නේ කුමක්දැයි නෙත් නිවුස් සොයාබැලීමක් සිදු කළා.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්ව ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අඩංගුව තිබූ අහිතකර රසායනික ද්‍රව්‍ය පිළිබඳ මේ වන විට සම්පූර්ණ වාර්තාවක් ලැබී තිබෙනවා. සිදුකළ පරීක්ෂණයකදී අනාවරණයවී ඇත්තේ අන්තරායකර අපද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 81 ක් එහි තිබී ඇති බවයි. නයිටි්‍රක් අම්ලය සහ කෝස්ටික් සෝඩා වැනි රසායනික ද්‍රව්‍ය ද අඩංගුව තිබූ එම කන්ටේනර් විනාශ වී ඇති බවයි හෙළි කරගෙන ඇත්තේ.
ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අනතුරට පත්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදුවූ හානියට අදාළ දෙවන වටයේ වන්දි ලබා ගැනීමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිණී නීතීඥ දර්ශණී ලහදපුර නෙත් නිවුස් වෙත කියා සිටියේ තෝරාගත් කාල සීමාවකදී ගිය වියදම් මෙහිදී පියවා ගන්නා බවයි.
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් වැඩි කරන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ, අද පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
Five persons including two boys aged 11 and one year old were burnt to death in a fire at a house at Ragalawatta in Nuwara Eliya last night.
එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්
කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (09) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.
එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.
ඒ අනුව මධ්‍යස්ථාන 169කදි කොවිඩ් එන්නත ලබාගත හැකි වේ.
http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977
(Aruna)
Following a lengthy discussion by the Government Medical Officers' Association (GMOA) central committee, it was decided to launch an island-wide four-hour token strike next Wednesday (13), until the currently published effective date of the 2022 Annual Transfer List is updated.
Page 338 of 732