Tuesday, July 08, 2025
Follow Us
වෛද්‍යවරුන් තීරණාත්මක සාකච්ඡාවක

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේද ක්‍රියාත්මකයි. වර්ජනය ක්‍රියාත්මක වන සිව්වන දිනය අදයි. පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම මාරු මණ්ඩලය හරහා සිදු නොකිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් 7 ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉකුත් අගහරුවාදා මෙම වර්ජනය ආරම්භ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය රුවන් ජයසූරිය පැවසුවේ ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබද අධ්‍යයනය කිරීමට විශේෂ සාකච්ඡාවක් අද පවත්වන බවයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් ඉකුත් දින තුනේම දිවයිනපුරා රෝහල්වල සත්කාරක සේවා බිද වැටුණා. ඒ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි රෝගීන් පත්වුණේ දැඩි දුෂ්කරතාවකටයි.

(Neth)