Tuesday, July 08, 2025
Follow Us
කෙහෙළියගෙන් වෛද්‍ය සංගමයට අභියෝගයක් - වර්ජනය දිග්ගැස්සෙන ලකුණු

වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධයෙන් අත පෙවීමක් සිදු නොකරන බවට සහතිකයක් ලැබෙන්නේ නම් සිය වැඩවර්ජනය අත්හිටුවීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොලඹගේ පැවසුවේ ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ගාල්ලේ අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ට හෝ නිලධාරීන්ට තමන් කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවයි.

(Neth)