Tuesday, July 08, 2025
Follow Us
විදුලි මෝටර් රථ භාවිතා කරන්නන්ට විශේෂ පණිවිඩයක්

විදුලි මෝටර් රථවල වංචාවක් ගැන හෙළිදරව්වක්


විදුලි මෝටර් රථ සදහා භාවිතයට ගනු ලබන බැටරි අලුත්වැඩියා කරන මුවාවෙන් මුදල් වංචාවන් සිදුකරන බවට අද (22) හෙළිදරව්වක් සිදුකර ති‌බේ.

ඒ, ශ්‍රී ලංකා විදුලි මෝටර් රථය සමාජය විසිනි.

ඔවුන් අද තුම්මුල්ල ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී මේ බව හෙළිදරව් කර තිබේ.

ඔවුන් පෙන්වාදෙන්නේ මෙලෙස අලුත්වැඩියා කළ බව පැවසූ මෝටර් රථවල බැටරි මාසයක පමණ කාලයකින් පසු නැවතත් පෙර තිබූ තත්වයට පත්වන බවය.
මේ අතර සාවද්‍ය ප්‍රකාශ නිකුත් කරමින් විදුලි වාහන සඳහා එන්ජින් සවිකිරීමේ ජාවාරම් පිළිබඳවද ඔවුන් මෙහිදී හෙළිදරව් කර සිටියා.

(Aruna)