Tuesday, July 08, 2025
Follow Us
ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නවතී - නොමිලේ දුම්රියෙන් යන්න අද අවස්ථාවක්

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමෙන් ඉවත් වුණා. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ සිය සාමාජිකයන්ට මෙන්ම මගීන්ට බලපාන කරුණු කිහිපයක් සම්බන්ධයෙන් බලධාරීන් නිසි අවධානය යොමු නොකිරීම හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹි බවයි.

මේ අතර පවතින ගැටළු සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් සහ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිත බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම නෙත් නිවුස් වෙත කියාසිටියේ.

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන්නේ දැයි නෙත් නිවුස් අද අලුයම සොයා බැලීමක් සිදුකළා. එහිදී අනාවරණ වුණේ ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධාවක් සිදුව නොමැති බවයි.

(Neth)