Tuesday, July 08, 2025
Follow Us
කන්ටේනර් ප්‍රවාහන ගාස්තු 20% කින් නගී

බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය ගත් තීරණය


ඉන්ධන මිල ගණන් වැඩිවීමත් සමඟ පෙරේදා (21 වැනිදා) සිට සිය ගාස්තු 20% කින් වැඩි කිරීමට තීරණය කළ බව බහලුම් (කන්ටේනර්) ප්‍රවාහනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කරයි.

පසුගිය වසර පහේ මිල ගණන් වැඩි නොකිරීම සහ කන්ටේනර් රථ වල සියලුම අමතර කොටස් පිරිවැය වැඩිවීම ඇතුළු හේතු ගණනාවක් ද පදනම් කරගෙන මෙලෙස ප්‍රවාහන මිල ගණන් ඉහළ දමන බව එම සංගමය ප්‍රකාශ කරයි.

එම සංගමය පෙන්වා දෙන ආකාරයට මේ වන විට ටයර් මිල 35% කින් ද බැටරි 45% කින් ද අනෙකුත් අමතර කොටස් 20% කින් ද මිල ඉහළ ගොස් ඇත.
වාහන ආනයනය සීමාකිරීමෙන් පසු අවශ්‍ය අමතර කොටස් සොයා ගැනීම අභියෝගයක් වී ඇති බව ද වරාය බලපත්‍ර පිරිවැය වැඩිවීම නිසා පාර්ශ්වකරුවන්ගෙන් 5% ක් පමණ ව්‍යාපාරවලින් ඉවත් වී ඇති බව ද පෙන්වා දෙන බහලුම් ප්‍රවාහනකරුවන්ගේ සංගමය යහපාලන රජය වරාය බලපත්‍රය 2500% කින් වැඩි කළ අතර එමගින් සමාගම් විශාල සංඛ්‍යාවක් ව්‍යාපාරවලින් ඉවත් කර ඇතැයි ද වැඩිදුරටත් පෙන්වා දෙයි.

(Aruna)