Tuesday, July 08, 2025
Follow Us
2023නේත් මෙරටට සංචාරකයින් පැමිණීම අඩුවෙන ලකුණු

කොවිඩ් වසංගතය තවමත් අවසන් වී නොමැති බැවින් ලබන වසරේදීද සංචාරකයන් ගෙන්වා ගැනීම අභියෝගාත්මක වනු ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් එස් හෙට්ටආරච්චි පැවසුවේ කෙසේවෙතත් ලබන වසර තුළදි සංචාරකයන් ලක්‍ෂ 5 ක් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි.

අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි පැවසුවේ මේ වසරේදී මෙරට පැමිණි සමස්ත සංචාරකයින් ගණන එක් ලක්‍ෂ 85,000 ඉක්මවනු ඇති බවයි.

ඉකුත් අගෝස්තු මාසයේ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 5,040 ක්. සැප්තැම්බර් මාසයේදී සංචාරකයින් 13,548 දෙනෙකුද ඔක්තෝම්බර් මාසයේදී සංචාරකයින් 22,771 දෙනෙකුද නොවැම්බර් මාසයේදී 44,294 දෙනෙකුද මෙරටට පැමිණ තිබෙනවා. දෙසැම්බර් මාසයේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 47,120 ක්.

(Neth)