Tuesday, July 08, 2025
Follow Us
දොස්තර වර්ජනය තවදුරටත්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා. පවතින ගැටළු විසඳා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නියෝජිතයින් අතර ඊයේ රාත්‍රියේ ද සාකච්ඡාවක් පැවැත්වුණා.

වෛද්‍යවරුන්ගේ මාරුවීම් මණ්ඩලවල සිය සංගමය කටයුතු කිරීම නීත්‍යානුකූල බව ලිඛිතව ලබාදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එහිදී ඉල්ලා තිබෙනවා. එම ලිපිය ඉදිරි කාලයේදී ලබාදෙන බවට එහිදී ප්‍රකාශ වූ බවත්, එය ලැබෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළා.

(Neth)