Wednesday, April 01, 2026
Follow Us
කොළඹ වායු ගෝලයේත් දූවිලි

උ‍දේට හීතල හේතුව හොයාගනී


කොළඹ නගරය ආශ්‍රිත වායු ගෝලයේ දූවිලි අංශුවල සුළු වැඩිවීමක් තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්‌යේෂණ සංවිධානයේ පරිසර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ (වායු තත්ව අධ්‍යාපන) සරත් ප්‍රේමසිරි පැවසීය.

මෙම තත්ත්වය තවත් දින හතරක පමණ කාලයක් පවතින බවද ඔහු පැවසීය.

මේ දිනවල දිවයින පුරා වැසි තත්ත්වයේ අඩුවීමක් පවතින බවත් ඉන්දියාවේ උතුරු දෙසින් වියළි සුළං හමාගෙන එන බවත් මෙම සුළඟේ ජල වාෂ්ප නොමැති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසීය.

අහසේ වලාකුළු අඩු අතර උණුසුම් තත්ත්වය වැඩි යැයි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා කියයි. වැසි තත්ත්වය අඩු නිසා උදෑසන කාලයේ දී සීතල තත්ත්වයක් පවතින බව ද හෙතෙම පැවසීය.

(Aruna)