Wednesday, April 01, 2026
Follow Us
මෙරටින් ඔමික්‍රෝන් ආසාදිතයින් 7දෙනෙක් හඳුනා ගනී

ලංකාවෙන් හඳුනා ගත් ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන ඉහළට


ශ්‍රී ලංකාවෙන් තවත් ඔමික්‍රෝන් ආසාදිතයන් 3 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරටින් මේ දක්වා හමුවී ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයන් සංඛ්‍යාව 7ක්.

වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ ජාන විශ්ලේෂණ පරීක්ෂණවලට අනුව විදේශ රටවල සිට පැමිණි මෙම පුද්ගලයින් තිදෙනා හඳුනාගෙන ඇත.

මීට පෙර හමුවූ ආසාදිතයන්ගෙන් එක් අයෙක් දිවයිනෙන් බැහැරව ගොස් ඇති අතර අදාළ පුද්ගලයා දින 3ක සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු බවයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

මේ අනුව දිවයින තුල දැනට තහවුරු වී ඇති ඔමික්‍රෝන් ආසාදිතයන් 6 දෙනෙකු සිටියි.

(Aruna)