Tuesday, July 08, 2025
Follow Us
උත්සව කාලේ අධිවේගය භාවිතා කරන රියැදුරන්ට දැනුවත් කිරීමක්

පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි


එළඹෙන උත්සව සමයේදී අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන් අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා දැනුවත් කිරීමක් කරයි.

ඒ අනුව අධිවේගී මාර්ගයේ වාහනයක් ධාවනය කිරීමේදී රියදුරුට නිදිමතක් දැණුනු විට අසන්නයේම අන්තර් හුවමාරුවෙන් පිට විය යුතු අතර එලෙස පිටවී ප්‍රමාණවත් විවේකයක් ගෙන නැවත අධිවේගී මාර්ගයට ඇතුළු විය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

ආහාර ගැනීමට හෝ වෙන යම් දෙයකට අධිවේගී මාර්ගයේ වාහන නැවත් විය නොහැකි අතර එය නීති විරෝධි ක්‍රියාවක් වේ.එවැනි අවස්ථාවක නීතිය ක්‍රියාත්මක කරනු ලබයි.

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනයේ යම් දෝෂයක් ඇති වූවහොත් 1969 යන දුරකතන අංකය අමතා පොලිස් නිලධාරීන්ගේ සහය ලබා ගත හැකි වේ.එම සේවාව නොමිලේ ලබා දෙන අතර එයට කිසිදු මුදල් අය කිරීමක් සිදු නොකරයි.

එවැනි අවස්ථාවකදී වාහනය ප්‍රධාන මාර්ගයෙන් ඉවත් කළ යුතු අතර එහි ගමන් ගන්නා පුද්ගලයින් වාහනයේ රැඳී සිටීමෙන් වැළකී ඔවුන්ට අධිවේගී මාර්ගයේ ආරක්ෂක වැටෙන් පිටතට පැමිණ රැඳී සිටිය හැකි බව ඔහු පවසයි.

අධිවේගී මාර්ගයේ ගමන් කිරීමේදී ඊට අදාළ මාර්ග නීතිවලට අනුගත වෙමින් කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

(Aruna)