අධික වැසි ඇතිවන අවස්ථාවේ ඟංවතුර සහ නායයෑම් වැඩි වශයෙන් හට ගැනීමට අදාළ ප්‍රදේශවල වන ගහණය අඩුවීමද බලපා ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණාරත්න පැවසුවේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ගංවතුර සහ නායයෑම් හටගැනීමේ තත්ත්වයන් වැඩිවී ඇති බවයි.
ඉන්ධන මිලදී ගැනීම සඳහා පුත්තලම නගරයේ පිහිටි පිරවුම්හලක් අසල පෝළිමක සිටි පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 63 හැවිරිදි පුත්තලම, මනල්ගුණ්ඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.
A person who illegally entered the President's House in Fort on July 9 and took photographs while sitting on the President's chair was arrested by the Colombo Crimes Division in Deraniyagala.
ජනප්‍රිය යූටියුබ් ක්‍රියාකාරිකයකු සහ ගෝල්ෆේස් අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු වූ රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇප මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (02) නියම කළේය.
ගාලු මුවදොර පිටිය ආසන්නයේ විරෝධතා පැවැත්වීමට වෙන්කර ඇති ස්ථානයේ තවදුරටත් තමන් රැදී සිටින බව අරගලයේ නිරත පිරිස පවසනවා. ගාලු මුවදොර හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැදි සිටින සියලුම පුද්ගලයන්ට හෙට පස්වරු 5ට පෙර ඉන් ඉවත් වන ලෙස කොටුව පොලිස් ස්ථානය නිවේදනය කළේ ඊයේ දිනයේයි.
බන්ධනාගාර නිළධාරීන්ට හා බන්ධනාගාරගත රැදවියන්ට කොවිඩ් මර්දන එන්නතේ සිව්වන මාත්‍රාව ලබා දිම අද ආරම්භ කෙරුණා.
ඉකුත් දින කිහිපයේ ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් විදුලි ඒකක මිලියන සියයක පමණ ප්‍රමාණයක් නිපදවීමට හැකි ජල ධාරිතාවක් ලැබී ඇති බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා.
Page 237 of 768