Monday, December 29, 2025
Follow Us
ගල්කිස්ස අධිකරණයේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් ගිය මෝටර් රථයක් සොයා විමර්ශණ

ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේ පසුගියදා සිදු වූ වෙඩි තැබීම සිදු කළ පුද්ගලයින් පලා ගිය මෝටර් රථය සොයා කණ්ඩායම් දෙකක් විමර්ශන සිදු කරන බව පොලීසිය පවසනවා.

වෙඩි ප්‍රහාරය එල්ල කිරීම සඳහා අධිකරණ සංකීර්ණය වෙත තුන් දෙනෙකු පැමිණි ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයකින් පලා ගොස් ඇති අතර එම මෝටර් රථයෙන් මාලබේ ප්‍රදේශය දක්වා ගමන් කර ඇති බවද මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. සංවිධානාත්මක අපරාධකරුවකු වන හරක් කටා නැමැත්තාගේ ගෝලයින් පිරිසක් එම වෙඩිතැබීම සිදු කර ඇති බවටයි පොලීසිය සැක පල කරන්නේ.

Neth