Monday, December 29, 2025
Follow Us
බස්රථ තුළ ගාස්තු ප්‍රදර්ශනය කිරීමට තීරණයක්

ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය


මෑතකාලීනව සිදුවූ බස් ගාස්තු සංශෝධනයත් සමග මගීන් සහ බස් කොන්දොස්තරවරුන් අතර ඇතිවී තිබෙන ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඇතැම් බස්රථ බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක නොකිරීමත් ඊට අදාළ ඉතිරි මුදල් මගීන්ට ලබානොදීමත් හමුවේ මෙම මතගැටුම් මතුවී තිබේ.

ඉකුත් කොරෝනා වසංගත සමයේදී බස් ගාස්තු මිල වැඩි කළ අතර ඩීසල් මිල අඩුවීම හේතුවෙන් බස් ගාස්තු මෙලෙස යළි සංශෝධනයකට ලක්විය.

ඒ අනුව බස් මගීන්ට බස්රථ තුළදී සිදුවෙන අපහසුතා සැලකිල්ලට ගෙන සංශෝධනය කරන ලද බස් ගාස්තු මිල දර්ශනය බස්රථ තුළ ප්‍රදර්ශනය කිරීමට මෙලෙස තීරණය කර තිබේ.

මිල දර්ශනය සියලුම බස් කොන්දොස්තරවරුන් වෙත ලබාදීමට ද තීරණය කළ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පැවසීය.

සියලුම අන්තර් පළාත් බස්රථ සඳහා ද මෙම තීරණය ක්‍රියාත්මක කෙරෙනු ඇත.

Aruna