Monday, December 29, 2025
Follow Us
QR කේත සොරකම් කර ඉන්ධන ලබාගන්නා පුද්ගලයින්ට වැට බඳී

වෙනත් පුද්ගලයින්ගේ QR කේත සොරකම් කර ඔවුන්ට හිමි ඉන්ධන කෝටාව වංචා සහගතව ලබාගැනීමේ සිද්ධීන් වැළැක්වීම සඳහා ඉදිරියේදී අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය පවසනවා.

එම ආයතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ නෙත් නිවුස් කළ විමසීමේදී කියා සිටියේ එවැනි තත්ත්වයන් අවම කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික පසුබිම සිය ආයතනය මගින් සකස් කරමින් ඇති බවයි.

QR කේතය සඳහා ලියාපදිංචි වාහනයක් වෙනත් පුද්ගලයෙකු මිලදී ගන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ අධ්‍යක්ෂ දසුන් හෑගොඩ මෙහිදී කරුණු පැහැදිලි කළා.

Neth