Monday, December 29, 2025
Follow Us
හෙට විරෝධතාවයට එරෙහිව පොලීසිය ඉල්ලූ තහනම් නියෝගය ප්‍රතික්ෂේප වෙයි

හෙට (09) කොළඹදී පැවැත්වීමට නියමිත විරෝධතාවය තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය සිදුකළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

කුරුඳුවත්ත පොලීසියේ නිළධාරීන් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා හමුවේ මෙම ඉල්ලීම සිදු කර තිබිණි.

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතියට බාධා කළ නොහැකි බවත්, කෙසේ නමුත් විරෝධතා අතරතුර යම් සාමය කඩවීමේ ක්‍රියාවක් හෝ දේපළවලට හානි සිදු කිරීමක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමේ බලය පොලීසිය සතු බවත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අවධාරණය කළේය.

පසුගිය අප්‍රේල් 09 වැනිදා සිට සෑම මසකම 09 වැනිදා කොළඹදී දැවැන්ත විරෝධතා පැවති අතර ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ දෙදෙනාට ජනාධිපති හා අගමැති තනතුරු අතහැරීමට සිදුවූයේ එම දැවැන්ත විරෝධතා හේතුවෙනි.

එවැනිම විරෝධතාවයක් හෙට දිනයේදීද පැවැත්වෙන බවයි මාධ්‍ය වාර්තා පළ වී තිබෙන්නේ.

LNW