Monday, December 29, 2025
Follow Us
දින 123කට පසු ගෝල්ෆේස් අරගල භූමියෙන් ඉවත් වීමට අරගලකරුවන් තීරණය කරයි

අරගලය අවසන් නැතත් ගෝල්ෆේස් අරගලභූමියෙන් භෞතිකව ඉවත් වීමට අරගලකරුවන් තීරණය කර ඇති බව එම අරගලයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිනියක වන රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසයි.

ඒ අනුව ඊයේ (09) දිනයේදී ඔවුන් එම තීරණයට එළඹුණු බවයි ඊයේ පස්වරුවේ ගෝල්ෆේස් අරගල භූමියේ පැවති විරෝධතාවක් අතරතුර ඒ මහත්මිය මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ.

පසුගිය අප්‍රේල් 09 වනදා ආරම්භ වූ ගෝල්ෆේස් අරගලයට ඊයේ දිනය වනවිට දින 123ක් සම්පූර්ණ වී තිබිණි.

LNW