මෙම වසර අවසාන වන තෙක් රට තුළ ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉදිරි වසරක කාලයක් සදහාද නව සැපයුම්කරුවකු තෝරා ගෙන ඇති බැවින් ඉදිරි මාස 16ක පමණ කාලයක් තුළ ගෑස් හිඟයක් මතු නොවන බවයි.
මෙම සතිය තුළ කිරිදෙන මව්වරුන්ට සහ ගර්භණී මව්වරුන් සඳහා අවශ්‍ය ත්‍රිපෝෂ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල හරහා ලබාදීමට කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.
ඉදිරි දෙසතිය තුළ මෙරටින් විශාල වශයෙන් කොරෝනා ආසාදිතයින් වාර්තා විය හැකි බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් පැන නැගී ඇති ගැටලු ඇතුඑ කරුණු ගණනාවක් ඊට හේතුවිය හැකි බවයි.
සතියක පමණ කාලයක් සියලුම ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන සැපයීමට හැකි වුවහොත් QR කේත ක්‍රමයට ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් පාරිභෝගිකයින් තුළ විශ්වාසයක් ඇතිකළ හැකි බව ඛණිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
ඉන්ධන අර්බුදය රටම නතර කර ඇත්තේය. ආණ්ඩුවේ කන්තෝරු වැඩ කරන්නේ සතියට දවස් තුනකි. විභාග කටේ තිබුනත් පාසැල්ද පැවැත්වෙන්නේ සතියට දින තුනකි.පෞද්ගලික බස් රථ වලින් ධාවනය වන්නේ 15% කි. දිනකට අවලංගු කරනා දුම්රිය ගමන් වාර ගණන සියය ඉක්මවයි. මේ සියල්ලට හේතුව ඉන්ධන අර්බුදයයි. අප කටට හුරු නිසා ඉන්ධන අර්බුදය ලෙස හැඳින්වුවද අර්බුදය ඇත්තේ ඩොලර්වල මිස ඉන්ධනවල නොවේ. අර්බුදයේ හේතුව කුමක් වුවත් ප්‍රතිඵලය ලෙස රටේම වැඩ නතරව ඇත.
Page 238 of 768