Monday, December 29, 2025
Follow Us
නුවරඑළියේ මාර්ග කීපයක්ම ගිලා බසී

වසා දැමූ මාර්ගවලට විකල්ප මාර්ග භාවිතා කරන්න


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය දිනවල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මස්කෙලිය ශ්‍රි පාද නල්ලතන්නිය මාර්ගය ගිලා බැසිමේ ලක්ෂණ මතුවි ඇති නිසා එම මාර්ගය (07) දින සිට තාවකාලිකව වසාදමන බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් පැවසිය.

මෝහිණි ඇල්ල අසල මාර්ගය ද (06) දින සිට ඉරිතලා පුපුරා ගොස් ගිලා බැසිමේ අවධානමකට ලක් වි ඇති නිසා නල්ලත්නිය පොලිසිය සමග සාකච්ඡා කර මෙම පියවර ගෙන තිබේ. මාර්ගය ගිලා බැසිම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරින්ගේ නිරික්ෂණයට ලක් කර වාර්තාවක් ලබාදෙන තෙක් එම මාර්ගය තාවකාලිකව වසා දමන බවත්, ගමනාගමන කටයුතු සදහා විකල්ප මාර්ග යොදා ගන්නා ලෙසත් සහකාර අධ්‍යක්ෂකවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

මේ අතර හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය කිරිමැටිය ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ද ගිලා බැස ඇති බවත්, ඒ අනුව එම මාර්ගයේ රථවාහන ගමනා ගමනයට එක් මංතිරුවක් පමණක් විවෘත කර ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසිය.

Aruna