Monday, December 29, 2025
Follow Us
ජනපතිට මුදල් අමාත්‍යංශයෙන් ඉවත් වන්නැයි ඉල්ලීමක්

පවතින ආර්ථික අර්බුධයට විසදුම් සෙවීම සදහා පූර්ණ කාලීන මුදල් අමාත්‍යවරයෙකු රජයට අවශ්‍ය බව ආර්ථික විශ්ලේශකයින් පවසනවා. කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ ඵ් අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකුට භාරදිය යුතු බවයි.

පවතින රජයට හෝ නව රජයකට තරුණයන්ගේ ඉල්ලීම්වලට කඩිනමින් විසදුම් ලබාදිය නොහැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. රටේ සියලු පාර්ශවයන් රජයට සහාය ලබා දුනහොත් වසර දෙකක් තුල ක්‍රමානුකුලව පවතින ආර්ථික අර්බුධයට විසදුම් ලබා ගත හැකි බවයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ වැඩිදුරටත් සදහන් කළේ.

Neth