රට තුළ මන්කි පොක්ස් ආසාදිතයින් ඇත්දැයි සොයා හෙට සිට පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. වෛද්‍ය තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ සහ මහනුවර ජාතික රෝහල ආශ්‍රිතව මන්කි පොක්ස් පරික්ෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කර රෝග ලක්ෂණ සහිත රෝගීන්ගේ නියැදි පරීක්ෂා කිරීම් සිදු කරන බවයි.
මන්කි පොක්ස් රෝගයට අවශ්‍ය, පෙර සූදානම වෙනුවෙන් පරීක්ෂණ කට්ටල තොගයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ඉකුත්දා ශ්‍රී ලංකාවට භාරදෙනු ලැබුවා. එම තොගයට පරීක්ෂණ කට්ටල 125 ක් අයත් බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.
මන්කි පොක්ස් රෝගීන් මෙතෙක් ශ්‍රී ලංකාවෙන් වාර්තා නොවුනද එවන් රෝගියකු මෙරටින් වාර්තා වුවහොත් එය පාලනය කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මෙලෙස පැහැදිලි කළා.
විදේශ රටක සිට මෙරටට පැමිණි පුද්ගලයකුට හෝ ඔහු සමීපව ඇසුරු කළ පුද්ගලයකුට පැපොල රෝගයට සමාන රෝග ලක්ෂණ ඇත්නම් වෛද්‍යවරයෙකු හමුවන ලෙසටද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
Neth