Tuesday, February 17, 2026
Follow Us
බිත්තර සහ කුකුල් මස් වෙළදපොලට නොලැබීමේ අවදානමක්

පශු සම්පත් ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළ යුතු බව ලෝක කුකුළු විද්‍යා සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව පවසනවා. එහි සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ මෙරට ජනතාවට දෛනික ප්‍රෝටීන් අවශ්‍යතාවයෙන් තුනෙන් ඵකක පමණ ප්‍රමාණයක් සත්ත්ව ප්‍රෝටීන් ලැබිය යුතු බවයි.

කුකුළු ගොවීන් වර්තමානයේ මුහුණදෙන ගැටලුවලටද කඩිනමින් විසදුම් ලබා දිය යුතු බවයි සභාපති වෛද්‍ය උෂාන් පල්ලේගම සදහන් කළේ.

පවතින ගැටලුවලට විසදුම් ලබා නොදුනහොත් ඉදිරියේදී කුකුළු මස් , බිත්තර මෙන්ම කිරි ආශ්‍රිත දේශිය නිෂ්පාදනද වෙළදපොලට නොලැබෙනු ඇති බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Neth