Monday, December 29, 2025
Follow Us
පොලීසියේ මූලික කාර්යය අමතකවීම අපරාධ ඉහළ යාමට හේතුවක් බව විශේෂඥයින් කියයි

දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලට ප්‍රධාන හේතුව රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ නීතියේ කඩාවැටීම බව අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥයින් පවසනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන සඳහන් කළේ පොලීිසියේ ප්‍රධාන කාර්යභාරයන් වෙනුවට අතිරේක කාර්යයන් වැඩි වශයෙන් පැවරීම ද මෙවැනි තත්ත්වයන්ට හේතු වන බවයි.

පවතින තත්ත්වයන් හමුවේ පොලීසියට අපරාධ විමර්ශනයන් සිදුකිරීමට වඩා වෙනත් කාර්යයන් පැවරීම හේතුවෙන් අපරාධකරුවන් එයින් ප්‍රයෝජන ගන්නා බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.

Neth