Monday, December 29, 2025
Follow Us
පාසැල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් පෙරලී යයි - සිසුන් 10ක් රෝහලට

බිබිල, දොඩන්ගොල්ල ප්‍රදේශයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද දින උදෑසන මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා සිටියදි රෝහල් ගත කළ බව පොලිසිය පවසනවා.

බිබිල මුලික රෝහලට ඇතුලත් කළ අවුරුදු 15-16 වයස්වල සිසුන් 10 දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව පොලිසිය පැවසුවේ.

සිසුන් 14 දෙනෙකු ලොරියට නංවාගෙන බිබිල වෙල්ලස්ස ජාතික පාසලේ පැවැත්වෙන ක්‍රීඩා උත්සවයකට රුගෙන එමින් සිටියදි අනතුර සිදුව තිබේන බවත් අනතුර සිදුවන අවස්ථාවේදි ප්‍රදේශවාසීන් තුවාලකරුවන් රෝහල වෙත රුගෙන ගොස් ඇත.

අනතුරින් ලොරි රථයේ රියදුරා සුළු තුවාල ලබා රෝහල් ගතව සිටින අතර බිබිල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරීන් පරීක්ෂණ පවත්වනු ලබනවා.

Neth