Tuesday, March 10, 2026
Follow Us
Political

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගත් තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ ගොනු කළ පෙත්සම දෙසැම්බර් මස 13 වනදා කැදවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.

Political

2022 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවති ඊයේ දිනයේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. ඔවුන් වන්නේ අමාත්‍ය ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සමන් ප්‍රිය හේරත්, ටිරාන් අලස්, එම් එස් තවුෆීක් සහ විජයදාස රාජපක්‍ෂයි.

Political

තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රසිද්ධියේ කාන්තාවන්ට සිදුකළ අපහාසය, හිංසනය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ සමාව ගතයුතු බව සමගි කාන්තා බලවේගය අවධාරණය කරනවා. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය කිසිසේත්ම සුළුකොට තැකිය නොහැකි බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ.

Political

මන්ත්‍රී ධුරයෙන් ඉවත්වෙන්න හේතුව පර්ලිමේන්තුවේදී කියයි

Political

2022 අයවැය 3 වන කියවීම හෙවත් කාරක සභා විවාදය අද සිට ආරම්භ වනවා. එය දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි. අයවැය තුන්වන වර කියවීමේ ඡන්දය දෙසැම්බර් මස 10 වනදා පස්වරු 05 ට පැවැත්වෙන බවයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කළේ.

Political

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් කාන්තාවන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් කර ඇති බව කැෆේ සංවිධානය පවසයි. එම සංවිධානයේ අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවි පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳට අපහාස වන ආකාරයේ අසභ්‍ය ප්‍රකාශනයක් සිදුකිරීම ශිෂ්ට සමාජයක් විසින් අනුමත නොකරන බවයි.

Political

රටේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැතැයි යනුවෙන් විපක්ෂය කරන චෝදනා සම්පූර්ණයෙන්ම අසත්‍යය බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

නිලධාරීන් විසින් හදිසි සෝදිසි කිරීමක්

Political

TNA Parliamentarians M.A Sumanthiran and Shanakiyan Rasamanickam, who are presently in Canada, were driven away from a meeting held with a group of Tamil diaspora, who branded them as 'traitors' alleging the diaspora wanted a separate Tamil state in Sri Lanka.

Political

The Political Authority of All Ceylon Makkal Congress (ACMC) has unanimously decided to suspend and take necessary disciplinary action against the three Parliamentarians of the Party who voted for the Budget 2022 in contradiction to the decision of the Party.

Political

පාස්කු ප්‍රහාරයට වත්මන් රජය වගකිව යුතු බව පැහැදිලිව ඔප්පු කර පෙන්වන බවත්, තමා කළ වරද සිහිවෙන බැවින් එහි කිසිදු නායකයකුට රාත්‍රියට නින්ද නොයන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණ සඳහා තනිව තරඟ කරන්නේද යන්න පිළිබඳ අවසන් තීන්දුව පක්ෂ මධ්‍යම කාරක සභාව මඟින් තීරණය කරනු ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

Political

සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීමෙන් රටට ලාභයක් සිදුවන බවට රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කරන්නට ඇත්තේ අනවබෝධය නිසා බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී විපක්ෂ මන්ත්‍රීවරයෙකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළේය.

Political

සමාජ මාධ්‍ය ඔස්සේ රජයේ ප්‍රතිපත්ති විවේචනය කිරීම තහනම් කරමින් සියලුම රජයේ සේවකයින් වෙත නියෝගයක් නිකුත් කර තිබේ.

Political

දුම්වැටියක මිල රුපියල් 05 කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කළද එම සම්පූර්ණ මුදල රජයට නොලැබෙව බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසනවා. අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ 06 වන දිනය වන විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

Political

විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

Political

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පැවැත්වෙනවා. අයවැය දෙවනවර කියවීමේ විවාදය ඉකුත් 13 වනදා ආරම්භ වූ අතර එහි ඡන්ද විමසීම අද පස්වරු 05 ට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතයි. 2022 වසරට අදාළ අයවැය යෝජනා ඉකුත් 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින්. අයවැය 03 වන වර කියවීම හෙවත් කාරක සභා විවාදය හෙට සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙනවා.

Political

Something must be done to help the poor people who could only afford only one meal a day before constructing and carpeting roads, ruling party MP Geetha Kumarasinghe said today.