යමක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා විට ඒ ගැන දන්නා විශේෂඥ දැනුම තිබෙන අයගෙන් නොවිමසා තීන්දු ගැනීමේ වරදේ තවත් ප්‍රතිඵලයක් ලෙස ගෑස් ප්‍රශ්නය දැක්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
කාබනික පොහොර සම්බන්ධයෙන් ද කටයුතු කළේ එවැනි ස්ථාවරයක සිට බවයි මන්ත්‍රීවරයා පවසන්නේ.
දෙයක් කිරීමට පෙර කමිටු පත්කර ඒ ගැන තීන්දු ගත යුතු වුවද සිදුවන්නේ දෙයක් වූ පසු කමිටු පත්කිරීම බවද හෙතෙම සඳහන් කරයි.
දේශපාලඥයින් පත්කර ඇත්තේ දන්නා අයගෙන් විමසා කටයුතු කිරීමට වන හෙයින් එය නොසලකා කටයුතු කිරීමේ තවත් ඡන්ද ප්‍රතිඵලයක් ලෙස ගෑස් ප්‍රශ්නය ද දැක්විය හැකි අතර මීට පසුව හෝ ක්ෂේත්‍ර විශේෂඥයින්ගෙන් විමසා තීන්දු ගන්නා ලෙස මන්ත්‍රීවරයා රජයට අවධාරණය කරයි.
(LNW)