මේ රටේ කාන්තා පරපුර අද වන විට මුහුණ දී සිටින තත්ත්වය ඉතා කනගාටුදායක බවත් දිනෙන් දින මේ රට තුළ තුළද කාන්තා හිංසනය ඉහළ යමින් පවතින බවත්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කාන්තාවන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව පුළුල් වශයෙන් විස්තර කළ විපක්ෂ නායකවරයා, රටේ 52% ක් වූ කාන්තාවන්ගේ හෙට දවස ආලෝකමත් කිරීමට නම් විධිමත් ශක්තිමත් සහ තිරසාර වැඩපිළිවෙලක අවශ්‍යතාවය අවධාරණය කළේය.
මේ වන විට ලංකාවේ දරු පරපුරේ අධ්‍යාපනය දෙවසරක් තිස්සේ කඩා වැටී ඇතැයි පැවසූ විපක්ෂ නායකවරයා අධ්‍යාපනය සහමුලින්ම අවිධිමත් තත්ත්වයට පත්ව ඇතැයි ද පෙන්වා දුන්නේය.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ ඊයේ (01) පාර්ලිමේන්තුවේ පැවති අයවැය විවාදයට එක්වෙමිනි.
(LNW)