හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමට අදාළ ගිවිසුම අහෝසි කර ඕනෑම මොහොතක මෙරටට පවරා ගත හැකි බව එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.
ඒ, වරාය හා නාවික අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාදයට ගැනෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයේදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සිදුකළ ප්‍රකාශකයකට පිළිතුරු දෙමිනි.
මෙහිදී තිස්ස අත්තනායක මහතා පැවසුවේ ජාතික වරායක් මෙලෙස විකුණා දැමීම අනුමත නොකරන බවයි.
මෙහිදී හිටපු අගමැතිවරයා පැවසුවේ හම්බන්තොට වරාය චීනයට විකුණා දමා නොමැති බවත් එය 70 වසරක බදු පදනමක් මත ලබා දි ඇති බවත්ය.
කෙසේ වෙතත් හම්බන්තොට වරාය එවන් ආකාරයෙන් මෙරටට පවරා ගැනිමේ හැකියාවක් නැති බවයි වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.
නමුත් පවතින ආකාරයට වරාය පවත්වාගෙන යාමට ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟතාව පළකර තිබෙන අතර ප්‍රශ්නයක් ඇත් නම් කැබිනට් මණ්ඩලයේදී තීරණයක් ගන්නා ලෙස වික්‍රමසිංහ මහතා පැවසුවේය.
(LNW)