Saturday, January 03, 2026
Follow Us
ඇමති අමරවීරගෙන් ආණ්ඩුවට රිදෙන කතාවක්

සරල බහුතරය පවා අහිමි විය හැකි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට තුනෙන් දෙක පමණක් නොව සරල බහුතරය පවා අහිමි විය හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර අනතුරු අඟවනවා.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

මේ අතර, පක්ෂ ප්‍රතිසංවිධාන කිරීමේ නව වැඩපිළිවෙළ ලබන 10 වැනිදායින් පසු ආරම්භ කරන බව පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.

(Aruna)