Saturday, January 03, 2026
Follow Us
විභාග නැතුව විශ්වවිද්‍යාල යන්න මන්ත්‍රීවරු වරම් ඉල්ලති

පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලය සලකා විශේෂ වරප්‍රසාදයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විශ්වවිද්‍යාලයට හෝ නීති විද්‍යාලයට ඇතුලු වීමට අවසර ලබා දෙන්නැයි විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ විභාගයකට පෙනී නොසිට නීති විද්‍යාලයට ඇතුලු වීමට මීට පෙරද මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදී ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පැවසුවේ මෙරට කාර්මික විද්‍යාල නූතනත්වයට ගැලපෙන පරිදි සංවර්ධනය වී නොමැති බවයි.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ නාගරික සංවර්ධන හා නිවාස මෙන්ම ජල සම්පාදන යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද විවාදයට ගැණෙනවා.

(Neth)