Saturday, January 03, 2026
Follow Us
තුනෙන් දෙක නැති කර ගන්න ඕනද ? නිදහස් පක්ෂය පොහොට්ටුවෙන් අසයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක මෙන්ම සරල බහුතරය ද අහිමි වන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඒ, ආණ්ඩුවේ රැඳී සිටිමින් විවේචන නොකර ආණ්ඩුවෙන් ඉවත් වී විවේචන එල්ල කරන ලෙසට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින්.

ඊයේ පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ මෑතකදී මැතිවරණයක් පවත්වන තත්ත්වයක් පෙනෙන්නට නොමැති බවයි.

මැතිවරණ කල් නොදමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඊට අදාළ යෝජනා ඊයේ පැවැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී ඉදිරිපත් කළ බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

(Neth)