“ලොකු නෝනා පෙට්ටගම වහන්න ද?”
කුසුමාවතී මිලීනගෙන් ඇසුවේ බයාදු ලෙසිනි. උතුරු සළුව පොරවමින් සිටි මිලීනා කුසුමාවතී දෙස බැලුවේ නොපහන් ලෙසිනි.
"අම්මේ කළු තඩියා. තමුසෙ යද්දිත් පොළොව හෙලවෙනවා." මිතුරන්ගේ කෑ ගැසීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත් විය. ඔහුගේ නම චන්දුල. පවුලෙ හිටපු බාලයා.
චන්දුල පළමු පාර උසස් පෙළ කරල ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා හිටියේ. ඔය කට්ටිය කියනවා වගේ මෙයාට හැන්ඩි ලුක් එකක් තිබුනෙ නෑ. හරි කැතයි. මහතයි. කළුයි. ටිකක් කොටයි. ඉතින් එයාගෙ යාළුවො මෙයාට විහිළුවට කිව්වෙ ගෝරිල්ලා කියලයි.
" ඔන්න ගෝරිල්ලා එනවා, ගෝරිල්ලා එනවා අයින්වෙයල්ලා. ඕකව අල්ලන්න එපා කළු ගෑවෙයි. "
යාළුවො විහිලු කරනවා. මුටත් ඉතින් ඔවා පුරුදුනේ. පාඩුවේ හිනා වවෙී ඉන්නවා.
" යකෝ උඹ ඇවිදිද්දි ඇගේ මස් උඩ යනවා. ඇයි බන් ඒම. " ... " තෝ පට්ට කැතයි ඕයි. මේ ලෝකෙ ඉන්න එකම පිරිමියා උඹ උනත් කෙල්ලෙක් මූන දිහාවත් බලන් නැතිවෙයි."
ඔය වගේ හිත රිදෙන කතාත් ඔහුට නිතරම අහන්න ලැබුනා. අලුත් විලාසිතාවෙ ඇදුමක් ඇන්දත් ඔහුගෙ බඩේ විශාලත්වයනම් වහන්න බැරි වුනා. වෙලාවකට ඔහු හුස්ම ඉහලට ඇදලා බඩ පස්සට දා ගත්තා. ඒත් වැඩක් නෑ... එතකොට පපුව ඉස්සරට ආවෙ ගෑනු ළමයෙක්ගෙ වගේ. ඉතින් මොනව කරන්ද ලබා උපන් හැටිනේ. කට්ටිය "ගෝරිල්ලෝ'' කියලා කියද්දි චන්දුල පාඩුවේ යනවා.
චන්දුල ක්ලාස් යන කාලෙ හොද බයිට් එක. ඉතින් ඒක මේමයි සිද්ද උනේ. චන්දුලගෙ යාළුවෙක් ලඟ ඉන්න කෙල්ලෙක්ට කතා කරනවා.
"ස් ස් මෙ මේ.. ඔයාට කතා කරන්නේ".
ඉතින් ඒ කෙල්ලත් බලනවා. ඊට පස්සෙ ඒ කෙල්ලට චන්දුලව පෙන්නලා මෙයා ඔයාට කැමතියි කියනවා. කෙල්ල චන්දුල දිහා බලලා ""ඊයා"" කියාගෙන අහක බලා ගන්නවා. කොල්ලොන්ටනම් මේක මාර ජොලි වැඩේ. ඒත් අර අහින්සක චන්දුලට මේ වෙන දේවල් වෙලාවකට ලොකු වේදනාවක් උනා. එලියට හිනා වුනාට මෙයා ඇතුලින් ලොකු වේදනාවක් වින්දා. තමන්ගෙ රූපෙ ගැන. ඒත් වෙනස් කරන්නයැ. ලබා උපන් හැටිනේ.
කෙල්ලෙක් චන්දුල දිහා බැලුවත් බලන්නනෙ කැත හන්දා. සමහර අය කැත දේවල් දිහා බලලත් මානසික සතුටක් ගන්නවනෙ. ඉතින් එ් කෙල්ලොත් බලලා ලඟ ඉන්න යළුවට කිව්වෙ " ඒ බලපන්කො අර කොල්ලගෙ හැටි. අයියෝ ඒ කොල්ලගෙ ඩයල් ප්ලේට් එක " ඉතින් කැතනම් පාඩුවෙ ඉදපන්කො. කියව කියව දඟලන්නෙ. චන්දුලට මේක පුදුම වදයක්. ඔහු ජිම් එකට ගියාට වැඩකුත් නෑ. පොඩ්ඩක් කෑවත් අපහු හිටිය විදිහමයි. ක්‍රීම් ජාති ගෑවට වැඩකුත් නෑ. අව්වට ගියාම ඒකත් ඉවරයි.
චන්දුලට දැන් මේ දුක ඇති වෙලා. ඉතින් එයා පහුවෙනිදා කාටත් නොකිය හොර රහසෙම ඔහු තීරණයක් ගත්තා. එයාට ඕන කළේ සියදිවි නසා ගන්න. මේ අවලස්සන ජීවිතයෙන් මිදෙන්න. ඔහු ක්ලාස් ඉවර වෙලා හොර රහසෙම යන්න පිටත් වුනේ කෝච්චි පාර පැත්තට. ඉතින් ඔහු ටික දුරක් ගියාට පස්සෙ දකිනවා ලස්සන ගැහැණු ළමයෙක් රේල් පීල්ලක් උඩ වාඩි වෙලා දුර ඈත අහස දිහා බලාගෙන ඉන්නවා.
" කවුද යකෝ මේ ගිණි අව්වේ අහස දිහා බලාගෙන ඉන්නෙ"
ඔහු පුදුමයෙන් ගොස් ඇයට කතා කරනවා. එවිටයි ඔහු දුටුවේ. ඇය අන්දයි.
" මොකද මෙතන කරන්නෙ?" ඔහු ඇසුවා.
අහසෙ ලස්සන බලනවා. ඇය කිව්වා.
"ඔයාට ඒක පේනවද? අහසෙ ලස්සන"
"නෑ මගේ හිතට ඒක දැනෙනවා"
"ඒ කොහොමද?"
"එහෙම තමයි"
"ඉතින් දකින් නැතිව කෝමද ලස්සනයි කියන්නෙ?"
"ඇහැට පෙනෙන දේට වඩා හිතට දැනෙන දේ ලස්සනයි"
"ඔයාට මාව කොහොමද දැනෙන්නෙ?"
"දන්නෑ.. ලස්සන හිතක් තියන කෙනෙක් වගේ.."
මේ වගේ ඔවුන් දෙදෙනගෙ කතාව දිගින් දිගට ගලාගෙන ගියා. චන්දුල තමාට වුන දේවළුත් තමා පැමිනි කාරණයත් ඇයට පැවසුවා.
" ලස්සන ඇස්දෙකෙන් විදින අය ගොඩක් හිටියත් ඔයා වගේ හිතින් ලස්සන විදින කෙනෙක් දැක්කමයි. ඇත්තටම ඇස් දෙක පෙණුනා නම් ඔයා මේ විදිහටමද හිතන්නෙ?"
" මට ඇස් පෙනීම හම්බුනත් මම දිගටම මේ විදිහටම හිතයි. මොකද මම තේරුම් අරන් ඉන්නෙ ඇත්ත ලස්සන මෙකක්ද කියලා.."
චන්දුලට ඇත්තටම කලකිරුනා, තමාගේ තීරනය ගැන. ඔහු තනිවම හිනා වුනා. පසුව ඔහු තමා ආ කාරණය හිතෙන් අමතක කර ආපසු හැරුනා. ඇයත් ඔහුත් අත් පටලවාගෙන දිග කතාවක යෙදෙන ගමන්ම රේල් පාර දිගේ ආපසු පැමිනියා. ඔහු ඇගේ නිවසට ඇයව ඇරලවා ආපසු තම නිවස බලා පැමිනියා. වැඩිකල් නොගොස් ඔවුන්ගේ ඒ කතාව ආදර කතාවක් බවට පත් වුනා.
ඉතින් දැන් දෙදෙනා විවාහකයි. චන්දුලගේ හිතට එන ලස්සන අදහස් වලින් ඔහු අද කවි ලියනවා. ඇයගේම හිතේ ඇතිවුන තාල වලින් ඇය ඒ කවි සරසනවා. ගායනා කරනවා. ඒ කවි ඇස් පෙනෙන නොපෙනෙන හැමදෙනාටම ලෝකයේ ලස්සන ඇත්තටම දකින ආකාරය පෙන්වා දුන්නා.
-නිමි-
~Nirman Wickrama~
නම් ගම් සියල්ල මන:කල්පිතයි. යම් යම් සිදුවීම් රසවින්දනය උදෙසා වෙනස්කම් කර ඇති බව සලකන්න.
මම ඉපදුනේ කොලඹින් ඒ තරම් ඈත නොවුනත් ගොඩක් ලස්සන කෙත් වතු යායකින් හැඩ වෙච්ච හරිම ලස්සන ගමක. නිවාඩු කාලෙට අපි කලේම යාලුවො ඔක්කොම එකතු වෙලා කුඹුරු වතු ගානෙ රවුම් ගහපු එක...
ලා තැඹිලි පාටින් සැරසුණු ඒ හවස් යාමේ අහස මට ඉඟි බිඟි පෑවෙම රහසින්...!
"අද වෙනදා වගේ නෙවෙයි..."
මගෙ හිත කිව්වෙම එහෙම...!
ඇයි මට මෙහෙම වද දෙන්නෙ?
දැන් උඹට එන්න බැරිද? දන්නවනේ උඹගෙ ඇඳුම් නැති මං එක්ක හිටපු ඔක්කොම පොටෝ යවනවා හැමෝටම.
පහන්දි ඔහම හිටපන් කොහෙද උ බ දුවන්නේ
සුදීර මගේ පස්සෙන් එන්න එපා තමුන්ලා හැමෝගෙම වෙස් මුණු ගැලවිලා ඉවරයි දැන්.
නොහැකිද මට සිත් ගත් ලදකට ප්‍රේම කරන්න. මේ ජීවිතය මගෙම නොවේද..? හැකිනම් අද වෙන කොට තනියම ජීවත් වෙන්න. ඇයි නොහැකි ප්‍රේමය සිතැගි පරිදි තෝරගන්න. මේ මගේ කතාව……. සමාජය පිලි නොගත්තත් මගේ ප්‍රේමය. කිසිදු ලදක් ඉදිරියේ නොනැමුන ඇයම පමනක් අරක් ගත් ප්‍රේම ගුහාව.
නමින් මම ධනිදු අකලංක. අම්මා අප්පච්චී අක්කා මම. ඉපදුණු දා ඉදන් මෙහෙමයි කියලා කිසිදු අඩුපාඩුවක් මේ ජීවිතේ ඇතුලේ මට තිබුලා නෑ.
ලෝකයක් පීරුවත් හොයා ගන්න බැරි රත්තරන් අම්මෙක් අප්පච්චියෙක් මට ඉන්නවා. පොඩි පොඩි රංඩු සරුවල් තිබුනත් මගෙ අක්කා මගෙ ජීවිතේ දකුණු අත වගේ. ඇයටත් මම ඇගේ ලෝකයේ ශක්තිය වුනා. ඉතින් තවත් කියන්න දෙයක් තියනවද., ඉපදුනේම ජීවිතේ දිනපු මිනිහෙක් විදියට.
ඉපදුනේ නුවර පිළිමතලාව ප්‍රදේශයේ වුනාට අප්පච්චිගේ අම්මාගේ රැකියාවන් නිසා හැදුනේ වැඩුනේ කොළඹ ප්‍රදේශයේ. අප්පච්චී කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කතිකාචාර්ය වරයෙක් විදියට කටයුතු කරද්දී අම්මා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ නර්තනය ඉගැන්නුවා. අක්කා මම කොළඹ ලොකු පාසල් වල ඉගෙනුම ලැබුවා.
උඩරට පැලැන්තියේ යුවලක් වුන අම්මා අප්පච්චීගේ රැකියාවත් එක්ක අනුබද්ධ වෙච්ච විශාල නීති මාලාවක් මගෙයි අක්කගෙයි ජීවිතේට පැනවිලා තිබුනා. ඒත් කිසිම දවසක ඒ දේවල් වදයක් විදියට අපි දැක්කේ නෑ.
උසස් අධ්‍යාපනය හමාර කරපු අක්කා වැඩිදුර අධ්‍යාපනය සදහා ඕස්ට්‍රේලියාවට යද්දී මමත් ඊට අවුරුදු තුනකට පස්සේ ඕස්ට්‍රේලියාවට ගියේ මගෙත් වැඩිදුර අධ්‍යාපනය සදහාමයි. මායි අක්කායි නැතුව ලංකාවේ ජීවත් වෙන්න බෑ කියපු අම්මායි අප්පච්චීත් මාස පහකට විතර පස්සේ අපි ලගට ආවා.
ආයෙමත් ලංකාවේ වගේම අපේ පවුල ඕස්ට්‍රේලියාවේ අපේ ජීවිත ගමන ආරම්භ කෙරුවා. ජීවිතේට දුකක් කියලා නොවිදපු මම හරි ලේසියෙන් මගෙ ගමන ගියා. ඒ වෙද්දී මට වයස අවුරුදු 28ක් විතර වෙන්න ඇති. පවුලේ ආදරය මදි නොකියන්න ලැබෙද්දී පිටස්තර ආදරයකට හිත යොමු වුනේ නෑ.
ලංකාවට සාපේක්ෂව ඕස්ට්‍රේලියාවේ සමාජ සංස්කෘතිය අසෝබන නිසාම මම දැක්කේ කෙල්ලො කියන්නේම අසංවර අසීලාචාර මිනිස්සු කොට්ඨාසයක් විදියටයි. මගෙ අක්කාට වුනත් ඇදුම් පැලදුමෙන් හැසිරීමෙන් අප්පච්චීගෙන් නැති නීතිරීති මගෙන් පැනවිලා තිබුනා. මොන රට රාජ්‍ය වල ගියා වුනත් මගෙ සංස්කෘතියට ගරු කරන දේ මගෙ ලේ වල ඉදන්ම තිබුනා.
ඒ විදිහට හිටපු මම හිතපු නැති වෙනස් වීමකට ලක් වුනා. ජීවිතේ කෙදිනකවත් ප්‍රේමයක් ගැන නොසිතපු මම ඇය දුටු මොහොතේ ඉදන් නොදැනුන හැගීම් ගොන්නක් හිතේ තෙරපෙන්න ගත්තා. ඒ දවස ඒ මොහොත ගැන හිතද්දි අදටත් මට හීනයක් වගේ.
ඕස්ට්‍රේලියාවේ ඉගෙනීම නිමා කරපු මම එහිම රැකියාවක් කරන්න පටන් ගත්තා. ඒ වෙද්දිත් ජීවිතේ හැමදේම ලබා තිබුන මම විවාහය ප්‍රේමය කියන සබ්ජෙට් එක ඇතුලේ ෆේල් වෙන්න ගත්තා. වයසත් පහු වෙමින්ම තිබුන නිසා අම්මා නිතරම කසාදය කියන මාතෘකාව ගැන කියවන්න පටන් ගත්තා.
පුතා…. ඔයා අපි ගේන කිසිම ප්‍රපෝසල් එකකට කැමති වෙන්නෙත් නෑ. හිතේවත් ගෑනු ළමයෙක් ඉන්නවනම් අපිට කියන්න ළමයෝ..
මගෙ හිතට හරියන කෙනෙක් තවම හම්බුනේ නෑ අම්මා.. ටිකක් ඉවසලා ඉන්නකෝ… බදින්නෙම නෑ කියලා නෑනේ අම්මා මම ඔයාලට..
එහෙමයි කියලා නාකි වෙනකන් ඔහොමම ඉන්නද ළමයෝ..
අයියෝ අම්මා….
තාත්තගේ කම්පැනි එකේ බොස්ගේ දුව පුතාව දැකලා පුතා ගැන අහලා එවලා තිබුනා. පුතා මොකද කියන්නේ..?
ආ…පෝ…. අර ස්ටැලී කියන කෙල්ලද..? මෙලෝ රහක් නෑ අම්මා. ඇදුමක් ඇන්දත් නිකන් ඇදලා නෑ වගේ..
මේ රටවල් වල සංස්කෘතියේ හැටිනේ පුතා. බැන්දාම පුතාට ඕන විදියට වෙනස් කරගන්න පුලුවන්නේ..
කොහොමද අම්මා හරියටම එහෙම කියන්නේ.? මොකද හදාගන්න බැරි වුනොත් ඩිවෝස් කරන්න කියලැයි. අනික මොකටද අම්මා හදාගන්න බලාගෙන ගෑනියෙක් බැදගන්නේ…?
අනේ මන්දා පුතා. පුතා එක්ක කතා කරලා දිනන්න බෑ. වයස යනකන්ම ඔහොම ඉන්නකෝ…
අම්මයි මමයි කතා කරන්න පටන් ගත්තොත් හැමදාම නවතින්නේ මෙතනින් තමා.
ඔය අතර දවසක් යාලුවෙක් මට කතා කරලා එයාගේ වෙඩින් එකට ඉන්වයිට් කරා. නොගිහින්ම බැරි ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් අපි දෙන්නා අතර තිබුන නිසා සති දෙකකට නිවාඩු අරගෙන මම තීරණය කලේ ලංකාවට යන්න.
අවුරුදු 3කට විතර පස්සේ ලංකාවට ගියපු මම කොළඹ අපේ ගෙදරම නතර වුනා. කාලෙකින් නිදහසේ ඉන්න දවස් කිහිපයක් ලැබුන නිසාම මම යාලුවොත් එක්ක ඇවිදින්න පටන් ගත්තා.
ඔය අතර දවසක ජීවිතේ කවදාවත් නයිට්ක්ලබ් එකකට අඩිය තියලා නැති මම ‘අරවින්ද’ කියලා මගෙ යාලුවෙකුගේ බලකිරිල්ලටම නයිට්ක්ලබ් ගියා.
එදා තමා මගේ ජීවිතේ වෙනස් වෙන්න පටන් ගත්තේ. මුලින්ම කියපු හැගීම් ගොන්නක් ගලාගෙන ආව මොහොත. ඔව් ඒ ඇයව දැකපු මොහොත. ජීවිතේ අච්චර සීමා දාගෙන හිටපු මමත් නයිට්ක්ලබ් එකක කෙල්ලෙක් ඉස්සරහ ඒ හැම සීමාවක්ම බින්දා. කවදාවත්ම ප්‍රේමය කියන දේ නොදැනිච්ච මගෙ හිතට ඒ ඇස් දෙක ප්‍රේම හැගුම් ගේන්න සමත් වුනා.
කොටට අදින කෙල්ලෙකුටවත් කැමති නැති මම අද නතර වෙලා ඉන්නේ කොහොම කෙනෙක් ලගද කියලා කිව්වොත් ඔයාලට හිතාගන්නත් බැරිවෙයි. නයිට්ක්ලබ් එකෙන් දැකපු ඇය කන්න බොන්න නටන්න විතරක්ම ආපු කෙල්ලෙක් නෙවේ කියලා මට ඇය දුටු ගමන් හිතාගන්න අමාරු වුනේ නෑ.
ඒ ඇදුම් පැලදුම් , ඒ මේකප් එක , මූනෙන් පෙන්වන හැගීම් , හැසිරීම් විලාසය මට ඇයගේ ඉතිහාසය හරි අපුරූවට තේරුම් කෙරුවා. නමුත් ඇය කෙරෙහි ඇති වුන ආලය, ජීවිතේ පලවෙනි වතාවට හිතේ ඇති වුන ප්‍රේමය මට නවත්ත ගන්න බැරි වුනා.
වෙන පිරිමියෙක් ලග දැවටි දැවටි හුරතල් වෙන විදිය. මටම පුදුමයි මගෙ ඇස් වහ වැටිලා වගේ ඇය ලග නතර වෙලා. හිත කිව්වෙම ගිහින් කතා කරන්න කියලා. ඉවසිය නොහැකි තරමට ක්ෂණයකින් ඇය මාව වසගයට අරගෙන. මිනිත්තු කිහිපයක් බලාගෙන හිටපු මම අඩිය තිබ්බේ ඇය ලගට යන්න.
ළගට ගියත් මාව වගක් නොවුන ඇය වෙන පිරිමියෙක් ලග හුරතල් වෙනවා. ඇත්තනේ මම කවුද.? ගණන් අරගෙන කතා කරන්න මම කවුද.? දුටු සැනින් ඇයට ප්‍රේම කරන වග පැවසුවොත් ඇය කුමක් කියාවිද.? සිනාසේවිද මට.?
වගක් නෑ මට. දෑස් ඇය ලග තබා සිත කොහෙදෝ ගිහින්.
හෙලෝ…..හෙලොව්…මිස්ට…
ඔව් ඒ ඇය. මගෙ ඉස්සරහ. මට කතා කරනවා. සිහියක් නොතිබුන මම තවමත් ඇය දිහා බලාගෙන. රත් පැහැ ගැන්වුන ඒ තොල් හරි ලයාන්විතව හිනාවෙනවා.
හෙලෝ මිස්ට…. මොන ලෝකෙද අනේ ඉන්නේ..?
ඇයම හඩ අවදි කරද්දී අමාරුවෙන් සිනහවක් ගත් මම හිස වැනුවේ මුකුත් නෑ කියලා කියන්න.
හිතන්නත් කලින්ම මගෙ අතින් අල්ල ගත් ඇය හරිම හුරුපුරුදු ලෙන්ගතු කමකින් මාව එක්ක ඇවිත් පුටුවකින් වාඩි වුනේ මටත් වාඩි වෙන්න කියලා අතින් සං කරන ගමන්. කිසිත් නොකියූ මමත් ඇය ඉදිරියෙන් වාඩි වුනා. හරි අපූරුවට වයින් වීදුරු දෙකක් ඕඩර් කරපු ඇය එක වයින් වීදුරුවක් මගෙ අතින් තැබුවා.
ජීවිතේ කිසිම දවසක මත්බීමක් පානය කර නැති මම අතේ තිබුන වයින් වීදුරුව මේසය උඩින් තිබ්බේ ඇය දෙස බලා කටකොනින් සිනහ වෙමින්මයි.
බොන්න… ඇයි මොකක්ද අවුල..?
මම බොන්නේ නෑ….
ගැහැනියකට නුසුදුසු වචන විලාසයකින් කතා කරන ඇය උස්හඩින් මගෙන් ඇහුවේ වාදනය වන ගීතයට ඇග හැඩ කරන ගමන්. මගෙ පිළිතුරත් සමග නොසිතූ ලෙස උස් හඩින් හිනාවුන ඇය මම ලගට ඇවිත් මගෙ අතින් ඇදලා ගත්තේ වාදනය වන ගීතයට ඇය සමග ඩාන්ස් කරන්න.
මගෙ ජීවිතේට මේ සියල්ල නුහුරු වුනත් ඇය ඉදිරියේ සකන්ඩ් වෙන්න නොහැකි නිසාම මම ඇය සමග ඩාන්ස් කරන්න පටන් ගත්තා. පැය බාගයකට වැඩි වෙලාවක් අදික ශබ්දය සමග ගැටිච්ච මට මහන්සි දැනුනා. නමුත් ඇයටනම් මහන්සියක් පේන මානෙක නෑ. මත් ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න මහන්සිය ඇගෙන් ඈතට ගිහින්.
නයිට්ක්ලබ් එකෙන් එලියට යන්න ඕනා වුනත් මට දැන් ඇයව දමා යන්න නොහැකි වෙලා. මහන්සි වැඩි කමටම ගිහින් ඉදගත්තේ.
ඇය විදිනවා , ඇගේ ජීවිතේ , ඇයට අවශ්‍ය විදියට. ඈත තියා මම බලාගෙන හිටියේ ඇගේ ඩාන්ස් එක දිහා. ටිකකින් ඇය කාවදෝ හොයනවා වගේ හිතුනත් ඒ කාවද කියලා මට තේරුනේ නෑ. නමුත් මම තත්පරයක්වත් ඇගෙන් ඇස් අහකට ගත්තේ නෑ.
තවත් විනාඩි කිහිපයකට පස්සේ ඇය ඇවිත් නතර වුනේ මම ලග. ඒත් මගෙ ඇස් තාම ඇය ලග. මත් ගතියෙන්ම ඇවිත් ඇය මගෙ අත අල්ල ගත්තා. පුටුවෙම ඉදගෙන හිටපු මම ඇය දෙසත් ඇය අල්ලගෙන ඉන්න මගේ අත දෙසත් මාරුවෙන් මාරුවට බැලුවේ. මත් වෙච්ච ඇස් වලින්ම ඇය මට ඉගි කලේ නැගිටින්න කියලයි.
බෑ ඩියර්.. මට ඩාන්ස් කරන්න බෑ.. මහන්සී…
ඩාන්ස් කරන්න නෙවේ අයියෝ….
එහෙනම්..?
ටිකක් ඔයා එක්ක කතා කරන්න.
ඒ මොනවද.?
ඔය ඇස් දෙකෙන් කියන කතාව..?
හරි පුදුමයි. ඇයට මාව දැනිලද.? මටත් ඇය සමග කතා කරන්න වුවමනාව ඕනවටත් වඩා තිබුනත් මම ඒ දේට පෙලඹුනේ නැත්තේ ඇය මාව වරදවා වටහා ගනී කියලයි. නමුත් ඇයටම මාත් සමග කතා කීරීමට අවශ්‍යයයි කියූ විට ඇයි මම පැකිලෙන්නේ. තාමත් ඇය අල්ලගෙන ඉන්න මගෙ අත දිහා බලාගෙනම මම නැගිට්ටා.
කොහෙටද යන්නේ..?
සිටින් රූම් එකක් තියනවා. එතනට… ඇයි බයද බෙඩ් රූම් එකකට එක්කන් යයි කියලා..?
මම අහපු දේට උස් හඩින් සිනහ සී ඇය පිළිතුරු දුන්නේ.
කොරිඩෝව පහු කරගෙන ගියපු අපි නතර වුනේ ඉතා අලංකාර සිටින් රූම් එකක. ඇයටනම් මෙම ස්ථානය ඉතා හුරුපුරුදු බව තේරුනා. මම ඉදිරියෙන්ම සැටියේ වාඩි වුන ඇය කොෆී දෙකක් ඕඩර් කලා. ටිකකින් වේටර් ඇවිත් කොෆී තියලා යද්දී ඉන් එක කොෆී එකක් ඇය මගෙ අතට දුන්නේ ” කොෆීවත් බොනවා නේද ” කියලා අහන ගමන්. ඇයට මද සිනහවක් පෑ මම කොෆී කෝප්පය තොල ගාන්න පටන් ගත්තා.
ඔයා මේ ක්ලබ් එකට අලුත් නේද.?
තිබුන නිහැඩියාව ඇය බින්දා.
ඔව්. අදමයි ආවේ.
නයිට්ක්ලබ් ද.? නැත්තම් මේ නයිට්ක්ලබ් එකටද.?
නයිට්ක්ලබ්.
එහෙනම් මම හරී..
ඇයි..?
දකිද්දිම මට ඒක හිතුනා..
කොෆී එක බොන ගමන් මද සිනහවකින් ඇය කිව්වේ.
ඔයාටනම් මෙතන හොදට පුරුදුයි වගේ නේද..?
මගෙ ප්‍රශ්නෙත් එක්කම හිතන්නත් කලින් ඇය සිනහ වෙන්න පටන් ගත්තේ. ඇගේ හිනාවට හේතුව තේරුන මම නිහඩවම ඇය දෙස බලාගෙන හිටියා.
මෙතන ඉතින් මට ගෙදර වගේනේ.
හ්ම්……
කුමක් පවසන්නද නොවැටහුන මම නිශ්ශබ්ද වුනා.
ඉතින් මම කැමති ඔයාව අදුර ගන්න. ඔයානම් කැමති නෑ වගේ….
ඇයි නැත්තේ , මමත් කැමතී…
කතා කරන ඒ ඇස් දිහා බලාගෙනම මම කිව්වා.
එහෙනම් ඉතින් මුලින්ම මාව අදුන්වලා දෙන්නම්කෝ…
ඕකේ…යූ ලයික් දැට්..
හ්ම්… මම මන්දාදරී. ගම පොළොන්නරුව. අම්මයි තාත්තයි අයියලා දෙන්නයි මමයි. ගොවි පවුලක්. මහ ලොකුවට සල්ලි බාගේ නෑ. හැබැයි අඩුපාඩුවක් නැතුව ජීවත් වුනා. උසස් පෙළ කරා. කැම්පස් තේරුනා. කොළඹට ආවා. දැන් ඉතින් ජීවිතේ කොළඹ තමා.
රස්සාවක් කරන්නේ නෑ..?
මේක තමා රස්සාව.
ක්ලබ් එකේ ඩාන්ස් කරන එක..?
ඒකත් එක්ක තව කොච්චර දේවල් මේවා ඇතුලේ සිද්ද වෙනවද මිස්ටර්..
කිසිම පැකිලීමක් නැතුව ඇය මේ කතා කරන විදිය ගැන මට හරි පුදුමයි. අනික මෙච්චර ඉගෙන ගත්ත ළමයෙක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ.? මොනවගෙන්ද අඩු.., ලස්සන උගත්කම හැමදේම තියනවා. මම ඇය දිහා බලාගෙනම කල්පනා කලා.
හෙලෝව්…මිස්ටර්… ආයෙමත් කල්පනා කරනවා..
ඇගේ හඩින් පියවි සිහියට ආපු මම නැවතත් කොෆී බොන්න පටන් ගත්තා.
ඔයා කවුද..? මමම කතා කරා මිසක් ඔයා ගැන වචනයක් කිව්වේ නෑනේ… CID යෙන්ද දන්නෙත් නෑ..
ඇය කියපු කතාවට මට ඉබේටම හිනා ගියා.
මම කවුද කියලවත් නොදැන මෙච්චර දේවල් කිව්වේ ඇයි ඔයා…මන්දාදරී….??
නම ගම නොදන්නවා වුනාට ඔය ඇස් වල කතාව මට හොදට තේරුනා.
ඒ මොනවද..?
ඇය ඉදිරියේ මගේ හිතේ තිබුන පැකිලීම දැන් දැන් අඩුවෙමින් යනවා.
ඊට කලින් මට ඔයාගේ නම කියන්නකෝ…?
ධනිදු..
වාව්..නයිස් නේම්..
ඔයාගෙත්..
තෑන්ක්ස්.
ඉතින් කියන්නකෝ මොනවද ඔයා මගෙ ඇස් වල දැකපු කතාව.?
මට වයස 27 යි. පිරිමි ආශ්‍රය කරලා ඇති ඉහේ කෙස් ගානට. ඒත් ඔය වගේ ඇස් දෙකක් ජීවිතේ මම දැකපු පලවෙනි වතාව. මම ඕනම දෙයක් කියන්න කරන්න පැකිලෙන කෙනෙක් නෙවේ ධනිදු. ඔයාගේ ඇස් දෙක මගෙ හදවත නතර කෙරුවා. ජීවිතේ කවදාවත් නොදැනුන ආදරය හිතට දැනුනා.
ඔව් එදා මට වගේම ඇයටත් මාව දැනිලා තිබුනා. හැබැයි ඒ රාගික හැගීමෙන් නෙවේ. හිතේම උපන් කුළුදුල් ආදරයෙන්. එදා ඉදලා අද වෙනකන් අපි ආදරය කරනවා. හැබැයි ඒ හිත් වලින්. අදටත් අපි ගතින් එක් වෙලා නෑ කවදාවත්. හැබැයි හිතින් ආත්ම ගානක් දුරට ගිහින්.
මොන දේවල් ඇයට ජීවිතේ ලැබුනත් ඇයට ඇගේ රස්සාවෙන් දුරස් වෙන්න බැරි වුනා. ඒ නිසාම මට මගෙ දෙමව්පියන්ගේ හීනේ හැබෑ කරන්න බැරි වුනා. නමුත් වෙනයම් කිසිම ස්ත්‍රීයක් කෙරෙහි නොදැනුන ඇය කෙරෙහිම පමනක් ඇති වුන ආදරය මට යටපත් කරන්න බැරි වුනා.
එදා ඇය සමග දොඩමළු වුන මේ පිරිමි හද අදටත් ඇයට ප්‍රේමය පුදනවා. ඇය ගණිකා වෘත්තීයේ නියැලුනත් මගේ ප්‍රේමයට එය බාධාවක් වුනේ නෑ. නමුත් ඇයව ඒ වෘත්තීයෙන් ඈත් කරලා මගෙ ලෝකයට ගෙනත් විවාහය කියන බැදීම ඇතුලේ ගැට ගහලා තියා ගන්න මට අවශ්‍ය වුනේ නෑ. මොකද ඇගේ නිදහස මට වටින නිසා.
නමුත් අදටත් මම පතන එකම එක දෙයක් තියනවා. ඒ ” වෙනයම් කිසිම ආත්මයක ඇයට මෙවැනි රැකියාවක නියැලීමට තිබෙන ආශාව නැති වේවා ” කියලයි. ඔව් එදාට මම ඇයව මගේම කර ගන්නවා. මුළු සංසාරෙටම.
අවුරුදු 58ක් වෙච්ච මම අදටත් ඇය නමින් ප්‍රේම කරනවා. ඇගේ සිරුර තලා පෙලා රොන් ගන්න අවැසි නොවුන මම “ප්‍රේමයේ නාමයෙන්” ඇය දෙස බලා හිදිනවා.
නිමි…!!
Lanka Mirror
අම්මා නැති වෙලා අදට හරියටම මාස තුනක්..
මම සුදු පාට මල් පොකුරක් අරගෙන අම්මගේ සොහොන ලඟට ගියේ පහනක් පත්තු කරලා එන්න හිතාගෙන..
“ලොකු නෝනා පෙට්ටගම වහන්න ද?”
කුසුමාවතී මිලීනගෙන් ඇසුවේ බයාදු ලෙසිනි. උතුරු සළුව පොරවමින් සිටි මිලීනා කුසුමාවතී දෙස බැලුවේ නොපහන් ලෙසිනි.
උබ ඕකක් කනේ ගහන් හිටපන්..එලියෙ මිණියක් මැරුනත් මූ දන්නෑ...."
චායා කොච්චර කෑගැහුවත් කේෂාන්ට ඇහෙන්නෙ නෑ...
හෙඩ් සෙට් එක කනේ ගහන් හිටිය කේෂාන් හිටිය වෙනමම ලෝකෙක...
චායා කාබරේට ආව බවක් වත් කේෂාන්ට දැනුනෙ නෑ...
"අනෙ අම්මපා බොට මම...."
Page 2 of 26