හැමදාම මම ස්කෝලෙ යද්දි පරක්කුයි.අපේ පන්තිබාර ටීචර් හැමදාම දෙන දඩුවම තමා පන්තිය ඉස්සරහ දන ගහන් ඉන්න කියන එක. නිකන් නෙවේ කන්දෙක දෙපැත්තට අල්ලගෙන.
පරක්කු වෙන්න හේතුව මොකක්ද කියල මිස් කොච්චර ඇහුවත් මන් හැමදාම කිව්වෙ බොරුවක්.මට ඇත්ත හේතුව කියන්න කවදාවත් හිතුනෙ නෑ. දොලැහෙ පන්තියෙ ඉස්සරහ මන් උදේට දන ගහන් ඉන්න එක ලමයින්ට සුපුරුදු දර්ශනයක් උනා. ගෑනු ලමයි මන් දිහා නක්කලේට බලල කට වහන් හිනා උනා.ඒ වෙලේට මට ඇති උනේ ලැජ්ජාවක් නෙවේ. දුකක්.ඒකට හේතුව දන්නෙ මන් විතරයි.එක දවසක් හොදටම වැස්ස. සුපුරුදු විදියට එදත් මන් යද්දි පරක්කු උනා.මන් හිතුව අදනන් වැස්ස හන්ද මාව ඇතුලට ගනී කියල.ඒත් සිද්ද උනේ දඩුවම මාරු උන එක විතරයි. මහ වැස්සෙ මට එලියෙ හිටන් ඉන්න උනා.නිකන් නෙවෙ.කන්දෙක දෙපැත්තට අල්ලන්.
මගේ ඇදුම අනික් අයට වඩා පොඩ්ඩක් වෙනස්..එක තරමක් දුඹුරු පාටට හුරු සුදු පැහැයක් ගත්ත..කාල වර්න උන ඇදුමක් ඒක. මට තිබ්බෙ ඒ ඇදුම විතරයි.. හැමෝම මට කිව්වෙ ගද ආප්පෙ කියල. මට සෑහෙන දුකක් දැනුන එහෙම කියන වෙලාවට..මගේ ඇදුම හැමදාම හෝදන්න බෑ.මොකද මම ගෙදර යද්දි හැමදාම රෑ වෙන නිසා.. සබන්ඒ කෑල්කලත් ගොඩක් දවස් පාවිච්චි කරන්න ඕනෙ .නැත්තන් ආයි එකක් ගන්න සල්ලි එකතු කරන්නෙපැයි. ඒ හන්ද ඇදුම ටිකක් ගද ගැහුව. පන්තියෙ උනත් මට වෙනම පුටුවක් තිබ්බ.කවුරුත් මාව ප්‍රතිකේෂ්ප කලා..හැමදාමත් මන් පන්තියේ අන්තිමය උනා. නිකන් නෙවේ මුලු සෙක්ශන් එකෙන්ම අන්තිම.
ස්කෝලෙ ඇරුනාම මන් පොඩි හොර වැඩක් කලා..ඒ වෙරළු ආච්ච්ගෙන් වෙරලු උස්සපු එක. කට්ටිය පිරුනාම ඒ වැඩේ කරන්න ලේසි.පොඩි ශොපින් මලු වලට දාල තියෙන නිසා ඒ වැඩේ තවත් ලේසි..බෑග් එකක් රුපියල් 5. බෑග් දෙක ගත්තු ගමන් මන් දුවනව..වෙලේකට ආච්චි දැකල අන්න අන්න හොරා පැන්න කියල අච්චිගෙ බාසාවෙන් ජාතිය අමතනව..මට තවත් ක්‍රමයක් තිබ්බ. ආච්චිට වැඩිය ඇස් පේන් නෑ. සත විසි පහේ කාසි 4ක් විතර එක පාට්ට සල්ලි වට්ටියට දාලා වෙරලු බෑග් දෙකක් ඉල්ලන එක. ඒ කාලෙ ඉන්ටිවල් එකට අයිස් පලන් විකුනන්න නාකි මනුස්සයෙක් ආව ඉස්ගේකෝලෙ පිටිපස්ට්ටුසෙ ගේට්ටුව ගාවට. මම අයිස් ඉල්ලුවත් නිකන් දෙන්න ඒ මිනිහ කැමති උනේ නෑ..මම දවසක් ලොකු කලු ගලක් අරන් රිජිපෝම් අයිස් පෙට්ටියට තාප්පෙ උඩින් විසි කලා..මුලු අයිස් පෙට්ටියම කඩන් බිම වැටුන..අයිස් පලන් බිම හැමතැනම. කොල්ලන්ට එදා රජ මගුල්..උන් තාප්පෙන් පැනල අයිස් අහුලන් කෑව..මමත් කෑව..නිකන් නෙවේ..වටේ පිටේ පොඩි උන්ටත් බෙද බෙද. ඇයි උන්ට තාප්පෙන් පැන ගන්න බෑනෙ.
මට ඒ නාකි මනුස්සයගෙ මූන තාම මතකයි..එදා ඒ මනුස්සය අඩන්න වගේ ගොඩක් දුකෙන් ගියා..ඒක මතක් වෙද්දි අද මන් ගොඩක් පසුතැවෙනව.. ඔහොම දඩබ්බර වැඩ ගොඩක් මන් කරල තියෙනව..ඒවට බැනුන් අහල ගුටි කාලත් තියෙනව. මගේ ප්‍රදානම හතුර තමා පන්තිබාර ටීචර්. මට ගොඩක් අසාධාරණ වෙලත් තියෙනව.ලෝක ලමා දිනේදි ටීචර් හැමෝටම චොකලට් බෙදුවත් මට දුන්නෙ නෑ..ඒ ඇයි කියල මම දන් නෑ.ඒ බෙදන වෙලෙත් මම කන් දෙක අල්ලන් එලියෙ අව්ව තපිනව. ස්කොලෙ කැන්ටිමේ ඉදන් කෙල්ලො කොකා කෝලා බොනව දකිද්දි මට මටක් වෙන්නෙ අපේ මල්ලිව. එයාට තාම තුනයි..දවසක් මාත් එක්ක පාරෙ යද්දි ලමයෙක් බොනව දැකල මටත් එකක් කියල ඉල්ලුව..මට ගොඩක් දුක හිතුන අසරන උනා..මට එකක් අරන් දෙන්න වත්කමක් තිබ්බෙ නෑ..මම කරා හොද වැඩක්. කෙල්ලො බීල ඉතුරු වෙන බීම බෝතල් ටිකේ අඩියෙ බීම ඉතුරු වෙලා තිබ්බ ඒව එකතු කරන් ගෙදර ගෙනිච්ච. නිකන් නෙවේ වතුර පොඩ්ඩකුත් කලවම් කරල.
මන් වෙරලු බෑග් දෙකක් උස්සන්නෙත් මල්ලිට එකක් දෙන්න. අම්මයි මායි මල්ලි විතරයි ගෙදර ඉන්නෙ..අම්මට ඕනෙ මාව ලොකු මිනිහෙක් කරන්න..ඒකයි ස්කෝලෙ එවන්නෙ..කව්රු මාව ප්‍රතික්ශේප කලත් ඒ දෙන්න එහෙම කලේ නෑ.. අම්මට ලොකු ලෙඩක් තිබ්බ.ඒක කාටවත් කියන්න බැරි ලෙඩක්. මල්ලිටත් ඒ ලෙඩේමය. ඒ ඒඩ්ස්.ඒකයි ස්කෝලෙ ටීචර් කොච්චර ඇහුවත් මම පරක්කු වෙන්න ඇත්ත හේතුව නොකිව්වෙ.අම්මගෙ බේත් වලට ලොකු ගානක් ගියා. තාත්ත මැරුනෙත් ඒ ලෙඩෙන්මයි....මන් හන්දියෙ වීල් එකක් කුලියට හයර් කලා. ඒකයි ගෙදර යන්න පරක්කු උනේ..ගමේ හැමෝම අපිව එලව ගත්ත. නිකන් නෙවේ ගල් ගහල. පස්සෙ අපි වෙන ගමකට ගෙවල විකුනල ගිහින් කාටත් හොරෙන් ජීවත් උනේ තාත්තගෙ පැන්ශන් එකට පින් සිද්ද වෙන්න. සල්ලි ඔක්කොම අම්මගෙ බේත් වලය ගියා.
එක දවසක් මගේ ජීවිතේ වෙනස් කරන දවස ආව. අපේ ටීචර මහ රෑක මම හයර් කරන වීල් එකට නැග්ගෙ ගොඩක් කලබලෙන්. ටීචර්ට මාව දැක්කාම ගොඩක් පුදුමයි. ඇයි ස්කෝලෙ ඇදුම පිටින්මනෙ..ට්චර මගේ ඇදුමට නොසෑහෙන්න බැනල තියෙනව..මට ඇදුන් ගැන සැලකිලිමත් වෙන මානසිකත්වක් තිබ්බෙ නෑ. ටීචර්ගෙ අම්ව ඉස්පිරිතාලෙ එක්ක යන්න ඕන වෙලා...අම්මට තිබ්බෙ කුශ්ට සැරව ගලන ලෙඩක්..අපේ ටීචර් පන්ත්යෙ ලන් කරන් හිටි ලමයි දෙතුන් දෙනෙක්ම හිටිය..එයාලට් ටීචර්ට මුට්ටි ඇල්ලුව..ටිචර් ඒ හැමෝටම කතා කරල උදව්වට. හැබැයි කවුරු ඇවිල්ල නෑ..ඒ පාර තමා ටීචර් පාරට තනියෙම දුවන් ඇවිත් තියෙන්නෙ..අපි දෙන්න ටීචර්ගෙ අම්මව හොදට හොදල ස්පිරිතාලෙ එක්කන් ගියා..ඉස්පිරිතාලෙ ඩොක්ටර් මාව හොදට දන්නව..ඇයි මන් අපේ අම්මව එක්කන් නිතර යනවනෙ..ඩොක්ටර් ඇහුව අම්මට දැන් කොහොමද කියල..ටීචර් මගේ මූන පුදුමෙන් බැලුව..මම ටීචර්ට ඇත්ත විස්තරේ කියනකොට ටීචර් ඇඩුව. නිකන් නෙවේ.මට සමාවෙන්න පුතේ කියල සමාව ඉල්ලලම..
ඔන්න උස්ස් පෙල රිසාල්ට් ආව.. අපේ පන්තියෙ සමහරුහරු ඉහලින්ම පාස් වෙලා...මට යාන්තන් එස් තුනක් තිබ්බ..මටම පුදුමයි මාත් පාස් කියල දකිද්දි. උදේ රැස්වීමෙදි අපේ ටිචර් කතාවක් කලා..ඒ කතාවෙන් කියවුනේ මන් ඔයාලට මෙච්චර වෙලා කිව්ව කතාවමයි. එහෙම කියල ටීචර් මට කතා කලා..ටීචර හොදට පාස් උන අයට තෑග්ගක් දෙනව වෙනුවට තෑග්ග දුන්නෙ මට.. ටීචර් දුන්නෙ යතුරක් ඒ වීල් එකක. හැමෝම මට අප්පුඩි ගැහුව. හැමෝම ප්‍රතික්ෂේප කළ මාව අගේ කරල අප්පුඩි ගහද්දි මට මාර සතුටක් ආව. පස්සෙ කාලෙක මම හොයාගෙන ගියා වෙරලු ආච්චිවයි අයිස් පලන් මනුස්සයවයි බලන්න. නිකන් නෙවේ මන් ඒ දවස්වල කල පාඩුවට හිලව් වෙන්න සල්ලිත් අරන්...
ජීවිතේ හැමෝටම පලවෙනිය වෙන්න බෑ.. විබාගෙන් හොදට පාස් වෙන්නත් බෑ..ඒත් අපි හැමෝටම දිනන්න පුලුවන්..මේ කතාවෙ නායිකාව කෙල්ලෙක් . නිනන් නෙවේ ..ඒඩ්ස් හැදුන කෙල්ලෙක්.
-කසුන් තක්ෂිල