'ම්..මොකක්.. මේ එයාමද...'
'ඒත්... ඒත්... එයා මට කිව්වෙ රට යනවා කියලා නේ ගිය සතියෙ...'
සුදු පාට ටී ශර්ට් එකට කලු නිල් ඩෙනිම ඇඳලා පාර මාරු වෙන රුව දිහා බලාගෙන නිම්නා කිව්වේ ඉබේටම තමන් පදවමින් හිටි කාරයේ බ්රේක් වදිද්දි...
නිම්නා අනුරාධි ලියනපතිරන..
පවුලේ එකම දියණිය..
ලියනපතිරන ගෘප් ඔෆ් කම්පැනි අධිපති ශෙවෝන් ලියනපතිරනගේ එකම දියණිය..උදේම මීට්න් එකක් තියන නිසා වෙනදටත් වඩා කලින් ලේස්ති වෙලා අප්පච්චිටත් කලින් ගෙදරින් පිට වුනේ ඔෆිස් එකට උදේම යන්න ඕන නිසා..
ඒත්.. තමන් කොහෙද යන්නෙ , මොකද්ද කරන්නෙ කියලා අමතක වෙලා ගියේ මීට සතියකට කලින් රටින් පිට වෙනවා කියපු ඇයගේ පෙම්වතා රුවිත් ඇයගේ රිය ඉදිරියෙන් තවත් තරුණියකගේ අත අල්ලාගෙන යනවා දැක්කට පස්සේ..
නිම්නාට හිතට දුකයි වගේම තරහයි..
එහෙමම වාහනේ පාරෙ අයිනකට කරලා නතර කරලා නිම්නා රුවිත්ගෙ නම්බර් එකට කෝල් එකක් ගත්තේ ඇස් වලින් කඳුලු පිටාර ගලද්දි.
රුවිත් ගැන අබමල් රේණුවක තරම් සැකයක් නොතිබ්බත් මේ දැක්ක දේත් එක්ක නිම්නාට රුවිත්ව විශ්වාස කරන්නද අවිශ්වාස කරන්නද කියලා හිතා ගන්න බෑ..
නිම්නා දෙතුන් සැරයක්ම රුවිත්ගෙ ෆෝන් එකට කෝල් ගත්තත් ෆෝන් එක වැඩ කළේ නෑ.
රුවිත් සහ ඒ තරුණිය නොපෙනී යන තෙක් බලාගෙන සිටි නිම්නා ආයෙ කාර් එක ස්ටාර්ට් කර ගත්තෙ ඔෆිස් එකට යන්න හිතාගෙන.තමන්ට අද ඔෆිස් එකට ගියත හිත එක තැනක තියාගෙන වැඩ කරන්න බෑ කියලා නිම්නා දන්නවා.ඒත්.. අද නොයාම බෑ බෝර්ඩ් මීට්න් නිසා..
වෙනදා නිම්නාගේ මූණෙ තියන සැහැල්ලු හිනාව අද නැති එක ඔෆිස් එකේ අයට ප්රශ්නයක් වුනත් කවුරු වත් ඒ ගැන ඇයගෙන් ඇහුවෙ නෑ..
කම්පැනි එකේ අයිතිකාරයාගෙ දුව වුනාට නිම්නා සේවකයන් සමඟ ගණුදෙනු කළේ හරිම සුහදව..
එදා මීට්න් එකට කොහොම හරි හිත හදාගෙන හිටපු නිම්නා ගෙදර ගියේ හිත එකලාසයක් කරගෙන වැඩ කරන්න බැරිම තැන.
'කවුද ඒ ගර්ල්... ඇයි රුවිත් මට ඒ වගේ බොරුවක් කිව්වෙ රට යනවා කියලා.. ගියපු ගමන්ම නැතත් පුලුවන් වෙලාවට මට කෝල් කරන්නම් කියලත් කිව්වා නේ..?'
නිම්නාගේ හිතට දහසක් ප්රශ්න..
දිගින් දිගටම කෝල් ගත්තත් රුවිත්ගෙ ෆෝන් එක වැඩ කළේ නෑ..
නිම්නා රුවිත්ට සහ රුවිත් නිම්නාට ආදරේ කරපු විදියට නිම්නාට බෑ රුවිත් බොරුවක් කරයි කියලා හිතන්න..
'මං යනවා රුවිත්ගෙ ගමේ..'
නිම්නා එහෙම හිතලා පහුවෙනිදාම රුවිත්ගෙ ගෙදර යන්න පිටත් වුනා.
රුවිත් නුවර කොල්ලෙක්..
රැකියාව නිසා රුවිත් කොළඹ ඇවිත් හිටියත් නිම්නා රුවිත්ගෙ ගෙදර අයව දැකලා තිබුනෙ නෑ මීට කලින්..
වෙලාවට නිම්නා රුවිත්ගෙ ඇඩ්රස් එක ඉල්ලගෙන තිබුනා රුවිත්ගෙන්..
ඒ ඇඩ්රස් එක හොයාගෙන ගිහින් නිම්නා නතර වෙනවා ගමේ පුද්ගලයෙක් ඒ ඇඩ්රස් එක යැයි කියපු ගෙදර ළඟ..
දැක්ක දෙයින් නිම්නාගේ කකුල් දෙක පණ නැති වෙලා ගියේ කාර් එකෙන් බහින්නත් කලින්..
රුවිත්ගෙ ගෙදර සුදු කොඩි දාලා..සෙනඟත් පිරිලා..
නිම්නාට හිතා ගන්න බෑ මොකද්ද වෙලා තියෙන්නෙ කියලා.
නිම්නා කාර් එකෙන් බැහැලා හෙමින් ඇවිදගෙන ගියේ රුවිත්ගෙ ගේ දිහාවට..
වයසක කාන්තාවක් අඬ අඬා ඉන්නවා සාලේ තිබුනු පෙට්ටිය අසල..
නිම්නාට ඇයගේ ඇස් අදහා ගන්න බැරි වුනේ මිනී පෙට්ටියේ නිදාගෙන ඉන්න රුව දැක්කම.
ඇය සිය ප්රාණසමව ආදරේ කරපු ඔහු නිසලව ඉන්නවා ඇස් දෙකත් පියාගෙන...
'දෙවියනේ... රුවිත්..'
ඇය කෑ ගසාගෙන සිහිසුන්ව ඇදවැටුනේ දරා ගත නොහැකිව..
'මොකද්ද මගෙ රුවිත්ට වුනේ..එයා හොඳට හිටියා නේ.."
නිම්නාට සිහිය එන විට නන්නාදුනන තුන් හතර දෙනෙක් ඇය අසල හිටියත් ඒ අතර එදා ඇය දැක්ක තරුණියත් ඉන්නවා දැකපු නිම්නා ඇය දෙස බලාගෙන හිටියා.
"අයියට කැන්සර් එකක් තිබුනා අක්කේ...අපි දැන ගනිද්දි හොඳටම පරක්කුයි..අයියා කැමති වුනේ නෑ ඒ ගැන ඔයාට කියලා ඔයාට දුකක් දෙන්න.."
ඇය කිව්වේ අඬ අඬා..
"අනේ දෙවියනේ පව් මගේ අහිංසකයා.."
නිම්නා කිව්වේ නැවතත් ඇගේ ඇස් වල කඳුලු අලුත් වෙද්දී..
නිමි..
Tharindi