Friday, April 26, 2024
Follow Us
ලස්සන

"අම්මේ කළු තඩියා. තමුසෙ යද්දිත් පොළොව හෙලවෙනවා." මිතුරන්ගේ කෑ ගැසීමෙන් ඔහු දැඩි අපහසුතාවයකට පත් විය. ඔහුගේ නම චන්දුල. පවුලෙ හිටපු බාලයා.

චන්දුල පළමු පාර උසස් පෙළ කරල ප්‍රතිඵල එනකන් ගෙදරට වෙලා හිටියේ. ඔය කට්ටිය කියනවා වගේ මෙයාට හැන්ඩි ලුක් එකක් තිබුනෙ නෑ. හරි කැතයි. මහතයි. කළුයි. ටිකක් කොටයි. ඉතින් එයාගෙ යාළුවො මෙයාට විහිළුවට කිව්වෙ ගෝරිල්ලා කියලයි.
" ඔන්න ගෝරිල්ලා එනවා, ගෝරිල්ලා එනවා අයින්වෙයල්ලා. ඕකව අල්ලන්න එපා කළු ගෑවෙයි. "
යාළුවො විහිලු කරනවා. මුටත් ඉතින් ඔවා පුරුදුනේ. පාඩුවේ හිනා වවෙී ඉන්නවා.
" යකෝ උඹ ඇවිදිද්දි ඇගේ මස් උඩ යනවා. ඇයි බන් ඒම. " ... " ත‍ෝ පට්ට කැතයි ඕයි. මේ ලෝකෙ ඉන්න එකම පිරිමියා උඹ උනත් කෙල්ලෙක් මූන දිහාවත් බලන් නැතිවෙයි."
ඔය වගේ හිත රිදෙන කතාත් ඔහුට නිතරම අහන්න ලැබුනා. අලුත් විලාසිතාවෙ ඇදුමක් ඇන්දත් ඔහුගෙ බඩේ විශාලත්වයනම් වහන්න බැරි වුනා. වෙලාවකට ඔහු හුස්ම ඉහලට ඇදලා බඩ පස්සට දා ගත්තා. ඒත් වැඩක් නෑ... එතකොට පපුව ඉස්සරට ආවෙ ගෑනු ළමයෙක්ගෙ වගේ. ඉතින් මොනව කරන්ද ලබා උපන් හැටිනේ. කට්ටිය "ගෝරිල්ලෝ'' කියලා කියද්දි චන්දුල පාඩුවේ යනවා.
චන්දුල ක්ලාස් යන කාලෙ හොද බයිට් එක. ඉතින් ඒක මේමයි සිද්ද උනේ. චන්දුලගෙ යාළුවෙක් ලඟ ඉන්න කෙල්ලෙක්ට කතා කරනවා.
"ස් ස් මෙ මේ.. ඔයාට කතා කරන්නේ".
ඉතින් ඒ කෙල්ලත් බලනවා. ඊට පස්සෙ ඒ කෙල්ලට චන්දුලව පෙන්නලා මෙයා ඔයාට කැමතියි කියනවා. කෙල්ල චන්දුල දිහා බලලා ""ඊයා"" කියාගෙන අහක බලා ගන්නවා. කොල්ල‍ොන්ටනම් මේක මාර ජොලි වැඩේ. ඒත් අර අහින්සක චන්දුලට මේ වෙන දේවල් වෙලාවකට ලොකු වේදනාවක් උනා. එලියට හිනා වුනාට මෙයා ඇතුලින් ලොකු වේදනාවක් වින්දා. තමන්ගෙ රූපෙ ගැන. ඒත් වෙනස් කරන්නයැ. ලබා උපන් හැටිනේ.
කෙල්ලෙක් චන්දුල දිහා බැලුවත් බලන්නනෙ කැත හන්දා. සමහර අය කැත දේවල් දිහා බලලත් මානසික සතුටක් ගන්නවනෙ. ඉතින් එ් කෙල්ල‍ොත් බලලා ලඟ ඉන්න යළුවට කිව්වෙ " ඒ බලපන්කො අර කොල්ලගෙ හැටි. අයියෝ ඒ කොල්ලගෙ ඩයල් ප්ලේට් එක " ඉතින් කැතනම් පාඩුවෙ ඉදපන්කො. කියව කියව දඟලන්නෙ. චන්දුලට මේක පුදුම වදයක්. ඔහු ජිම් එකට ගියාට වැඩකුත් නෑ. පොඩ්ඩක් කෑවත් අපහු හිටිය විදිහමයි. ක්‍රීම් ජාති ගෑවට වැඩකුත් නෑ. අව්වට ගියාම ඒකත් ඉවරයි.
චන්දුලට දැන් මේ දුක ඇති වෙලා. ඉතින් එයා පහුවෙනිදා කාටත් නොකිය හොර රහසෙම ඔහු තීරණයක් ගත්තා. එයාට ඕන කළේ සියදිවි නසා ගන්න. මේ අවලස්සන ජීවිතයෙන් මිදෙන්න. ඔහු ක්ලාස් ඉවර වෙලා හොර රහසෙම යන්න පිටත් වුනේ කෝච්චි පාර පැත්තට. ඉතින් ඔහු ටික දුරක් ගියාට පස්සෙ දකිනවා ලස්සන ගැහැණු ළමයෙක් රේල් පීල්ලක් උඩ වාඩි වෙලා දුර ඈත අහස දිහා බලාගෙන ඉන්නවා.
" කවුද යකෝ මේ ගිණි අව්වේ අහස දිහා බලාගෙන ඉන්නෙ"
ඔහු පුදුමයෙන් ගොස් ඇයට කතා කරනවා. එවිටයි ඔහු දුටුවේ. ඇය අන්දයි.
" ම‍ොකද මෙතන කරන්නෙ?" ඔහු ඇසුවා.
අහසෙ ලස්සන බලනවා. ඇය කිව්වා.
"ඔයාට ඒක පේනවද? අහසෙ ලස්සන"
"නෑ මගේ හිතට ඒක දැනෙනවා"
"ඒ කොහොමද?"
"එහෙම තමයි"
"ඉතින් දකින් නැතිව කෝමද ලස්සනයි කියන්නෙ?"
"ඇහැට පෙනෙන දේට වඩා හිතට දැනෙන දේ ලස්සනයි"
"ඔයාට මාව කොහොමද දැනෙන්නෙ?"
"දන්නෑ.. ලස්සන හිතක් තියන කෙනෙක් වගේ.."
මේ වගේ ඔවුන් දෙදෙනගෙ කතාව දිගින් දිගට ගලාගෙන ගියා. චන්දුල තමාට වුන දේවළුත් තමා පැමිනි කාරණයත් ඇයට පැවසුවා.
" ලස්සන ඇස්දෙකෙන් විදින අය ගොඩක් හිටියත් ඔයා වගේ හිතින් ලස්සන විදින කෙනෙක් දැක්කමයි. ඇත්තටම ඇස් දෙක පෙණුනා නම් ඔයා මේ විදිහටමද හිතන්නෙ?"
" මට ඇස් පෙනීම හම්බුනත් මම දිගටම මේ විදිහටම හිතයි. මොකද මම තේරුම් අරන් ඉන්නෙ ඇත්ත ලස්සන මෙකක්ද කියලා.."
චන්දුලට ඇත්තටම කලකිරුනා, තමාගේ තීරනය ගැන. ඔහු තනිවම හිනා වුනා. පසුව ඔහු තමා ආ කාරණය හිතෙන් අමතක කර ආපසු හැරුනා. ඇයත් ඔහුත් අත් පටලවාගෙන දිග කතාවක යෙදෙන ගමන්ම රේල් පාර දිගේ ආපසු පැමිනියා. ඔහු ඇගේ නිවසට ඇයව ඇරලවා ආපසු තම නිවස බලා පැමිනියා. වැඩිකල් නොගොස් ඔවුන්ගේ ඒ කතාව ආදර කතාවක් බවට පත් වුනා.
ඉතින් දැන් ද‍ෙදෙනා විවාහකයි. චන්දුලගේ හිතට එන ලස්සන අදහස් වලින් ඔහු අද කවි ලියනවා. ඇයගේම හිතේ ඇතිවුන තාල වලින් ඇය ඒ කවි සරසනවා. ගායනා කරනවා. ඒ කවි ඇස් පෙනෙන නොපෙනෙන හැමදෙනාටම ලෝකයේ ලස්සන ඇත්තටම දකින ආකාරය පෙන්වා දුන්නා.
-නිමි-
~Nirman Wickrama~